අම්මියයි මායි පහුගියකාලෙම ගොඩාක් ආදරෙන් උන්නා. රන්ඩු උනා යාලු උනා. ගොඩාක් ආදරෙන් උන්නා. අම්මියට දැන් හැමතිස්සෙම ඔලුව කකියනවලු.පව් එයා ගොඩාක් රිදෙනවා ඇති.
මේ අවුරුද්දේ ජොබ් එකකට යන්න ගත්ත දවසේ ඉදන් එයයි මායි ටික ටික ඈත් උනාද කියලා හිතෙනවා. ඉස්සර අපි දෙන්නා ලගටම වෙලා ගොඩාක් ආදරෙන් උන්නා. උදේට කෑවෙත් එකට. එයා මට හැමදාම කවනවා බඩ පිරෙන්නම. එයා හරියට කන්නෙත් නැතුව. පව් මගේ අම්මියා.
ජොබ් එකට යන්න ගත්තට පස්සේ අපි දෙන්නට ඉස්සර වගේ ගොඩක් කතා කරන්න බැරි උනා. පහුගිය මාසවල උනු ප්රශ්නත් එක්ක දැන් හැමතිස්සෙම එයා ලගට යන්න බෑ. එයා නැති වෙලේට හිතට ගොඩක් පාලුයි. වැඩ කර කර ඉද්දිත් ගොඩාක් මතක් වෙනවා අම්මියව. ඒ වෙලේට හිතෙනවා අනේ එයා ලගට වෙලා එයාට තුරුල් වෙලා ඉන්න තිබුනනම් කියලා.
යාලූ උනු දවසේ ඉදන් දන්නෙම නැතුව අපි දෙන්නා යාලු වෙලා දවස් 1000කුත් පහු උනා.
එයා අද කියනවා ඉස්සර වගේ මාව මතක් වෙන්නේ නෑලු. එයා හිතට එකගවමයි කියන්නේ. එයා මට බොරු කියන්නේ නෑ.
එයාගේ හිතෙන් මම ටික ටික ඈත්වෙලා යනවද කියලා හිතෙනවා. අනේ මට ගොඩක් දුකයි. කෑගහල අඩන්න හිතෙනවා. අපේ ආදරේ ගොඩක් අවංකයි. අනේ ඒ ආදරේනම් නැති වෙන්න එපා කියලා හැමදාම ජේසුගෙන් ඉල්ලනවා.
මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි. ඉස්සර වගේ අපි දෙන්නට සතුටින් ඉන්න ලැබුනනම් මට ඒ හොදටම ඇති.
This comment has been removed by the author.
ReplyDeleteඑ් ආදරේට මොකද උනේ 🙁
ReplyDelete