Wednesday, October 26, 2016

මමත් එයාට ගොඩක් ආදරෙයි


ඊයේ උදේ එයා කිව්ව හවසට වැඩක් දාගන්න එපා එයා එක්ක ගමනක් යන්න එන්න කියලා.මට මොන වැඩ කියලද මට එයාගෙන් තොර ලෝකයක් නෑනේ.මට ඊයේ ටිකක් අසනීපයි හෙම්බිරිස්සා  නිසා ඔලුව බරයි වගේ. හවස කොහොමහරි එයා මට එකටම එතෙන්ට යන්න කිව්වා එයා මට පස්සේ එන්නම් කියලා.දන්නේ නෑ ඇයි කියලා එයා ගොඩක් දවස්  වලට එහෙමයි මාව එකටම යවලා එයා පස්සේ එනවා. මම ආස එයා එක්ක යන්න මිසක් තනියම යන්න නෙමෙයි. ඊයේ එයා ආව මම එතෙන්ට ගියාට පස්සේ. එයාගේ අතේ documents වගයක් තිබ්බා. මම දැක්කා seal එකක් ගහපු කොලයක් තියනවා. එයා ඒව ටික file එකකට දාන් එන්නම් කියලා ගියා. ආයෙ එද්දි ඒ seal එක තිබ්බ කොලේ තිබ්බේ නෑ. එයා කිව්වා මොනා සීල් එකක්ද අනේ ඔයාට සර්කිට්ද ඔයා පල්ලයි එහෙම එකක් නෑ තාත්තගේ photocopy  වගයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ෆයිල් එක අරන් බලන්න ගියා. එයා දුන්නේ නෑ. ආයේ බස් එකේ යද්දි එයාම කිව්වා එතන seal එක ගහපු කොලයක් තිබ්බා කියලා. මට සීල් එකකින් වැඩක් නෑ පංගුවක් වෙලේට එයා මට මොනවදෝ කියාගන්න බැරුව හිතේ හන්ඟගෙන ඉන්නවා කියලා හිතෙනවා. ඊයේ මට ගොඩක් දුක හිතුනා එයා මම පල්ලයි එහෙම දෙයක් නෑ කිව්වා. ඒත් seal එක තිබ්බ කොලයක් තිබ්බනේ. ඊයේ බස් එකේ එද්දි එයා ගොඩක් ඇඩුවා. එයා අඩනවට නම් පොඩ්ඩක්වත් ආස නෑ. එක දෙයක් දන්නවා එයා මට ගොඩක් ආදරෙයි.
Share:

0 comments:

Post a Comment