මං හඬපු හැමදාම නුබ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම
පපුතුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩනගපු පෙම්හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද
මං හඬපු හැමදාම........
හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම
බොද වෙච්ච පෙම්හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද
මං හඬපු හැමදාම.........
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම
0 comments:
Post a Comment