රට යන දේවල් ඔලුවට දාගෙන නිසා එයාගේ ආදරේ දැන් අඩුවෙලාද කියලත් හිතෙනවා. එතකොට නම් ගොඩක් දුක හිතෙනවා. කලින් ජපන් යන්න ගිය දවස් වල වගේම දැනුත් එයාට ගොඩක් තරහා යනවා. පොඩි දේටත්. එක අතකින් පව් එයා. ඒත් තරහ යනවට නම් ආස නෑ.
එයා එක්ක රට යන්න මම ගාව සල්ලි නෑ. අපේ ගෙදර අයගෙන්වත් help එකක් නෑ. තනි මම කොහොමද ලක්ෂ ගානක් හොයන්නේ. සල්ලි නැති නිසා මම හිතින් ගොඩක් විදෝනවා. අඩනවා. එයා ඒවා දන්නේ නෑ.
අද එයා මට කිව්ව දේවල් වලට නම් ගොඩක් හිත රිදුනා. මම එයා ගැන හිතන හැටි , මගේ හිතේ එයාට තියන ආදරේ දන්නේ මම විතරයි. ගොඩක් ආදරෙයි එයාට.
0 comments:
Post a Comment