Sunday, April 2, 2017

එයාගේ Bday එක මාර්තු 14

මාර්තු 14 අම්මියගේ birthday  එක තිබ්බා. එදා පාන්දර 12 වෙනකන් බලන් උන්නේ එයාට විශ් කරන්න. එදා මට හොඳටම හෙම්බිරිස්සා.. ඇස් දෙක ඇරන් ඉන්නත් අමාරුයි. කොහොම හරි 11.59ට එයාට කෝල් කලා. ඒක එයා කට් කලා. අදුරන් නැති number  එකකින් ගත්ත නිසා වෙන්න ඇති. ආයෙත් කෝල් කලා එතකොට  call waiting, මට ගොඩක් දුක හිතුනා..  කොහොම හරි මට විශ් කරන්න ලැබුනේ 12.04ට. මට ගොඩක් දුකයි. ඒකනිසා මම ඇහුවා එයාගෙන් කවුද කෝල් කලේ කියලා එයා කිව්වා කවුරුත් නෑ line busy නිසා waiting  වෙන්න ඇති කියලා. අම්මියා කියනවනම් එහෙම වෙන්න ඇති. මම එදා ගොඩක් ඇඩුවා. එයත් ගොඩක් ඇඩුවා. මම එයාගේ Birthday  එකම මූසල කලා කියලා හිතුනා මට.  එයා පව්.
ගිය අවුරුද්දේ  එයාගේ birthday  එකට දුන්නේ teddyයෙක්ව. ඒත් මේ පාර මුකුත් අරන් දෙන්නවත් මට සල්ලි තිබ්බේ නෑ.එයාගේ යාලුවෝ අහලා තිබ්බා මම මොනාද දුන්නේ කියලා. එයා ඒක shape කරලා.. පව් මගේ අම්මියා. වෙන කෙනෙක් එක්ක යාලු උනානම් සතුටින් ඉන්නවා. මම එක්ක දුක් විදිනවා කියලා මට හිතෙනවා. එයා පව්. ආදරෙයි එයාට ගොඩක් 😊
Share:

0 comments:

Post a Comment