Monday, May 29, 2017

අද මගේ Birthday එක 🙂

අද මගේ birthday එක. දැන් මට ඉස්සර වගේ දඟලලා කරලා ඉන්න බෑ දැන් මම ලොකුයි නේ. ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. බලන් ඉන්නේ අම්මියා විෂ් කරනකන්...
ගිය පාර නම් හරියම 12ට විශ් කලා එයා. ඒත් මේ පාර තාම විශ් කලේ නෑ. එයාට මහන්සියට නින්ද ගිහින් ඇති පව් මගේ අම්මියා. කමක් නැහැ අද උදේට හරි විශ් කරයිනේ.
චුට්ටක් හිතට දුකයි ඒත්. ගොඩක් දවස් ඉඳලා බලන් උන්නේ අද 12 වෙනකන් විශ් කරයි කියලා. ගිය පාර විශ් කරලා අම්මියා මට කතන්දරත් කිව්වා. ඒවා මේ පාර නෑ කියලා මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි. අමතක වෙන්න ඇති එයාට වැඩත් එක්ක. කමක් නෑ අම්මියා ලබන පාර විශ් කරයිනේ. මම බලන් ඉන්නවා විශ් කරනකන්.. මම එයාට ගොඩක් ආදරෙයි.
දැන් නම් දොයිමතයි බලන් උන්නා ගොඩක් වෙලා. එයත් දොයි ඇති උදේට විශ් කරයිනේ. මමත් දැන් නිදාගන්නවා.


Share:

එයාගේ ගෙදර අය හරි හොඳයි 😊

පහුගිය ටිකේම එක දිගට එයලගේ ගෙදර ගියා.ගිය හැමදාම ගොඩක් සතුටින් උන්නේ. පාලුවක් නෑ එතකොට අම්මියා ලඟටම වෙලා උන්න හැකි නේ. එයාලගේ ගෙදර අයත් හරි හොඳයි. නිදහසේ පැත්තකට වෙලා පාඩුවේ උන්න හැකි එහේ ගියාම. එයාගේ අම්මත් හරි හොඳයි මම අම්මටත් ආදරෙයි. ගෙදර අනිත් අයත් එහෙමයි. ඒත් එයා ආයෙත් එන්න එපා කිව්වා ගෙවල් පැත්තේ වැඩිය. එහෙම උනාම පාලුයි ගොඩක් ලඟටම වෙලා ඉඳලා එහෙම යන්නේ නැතුව ඉන්න උනාම.  පෝන් එකෙන් හරි කතා කරනවනේ. ඒ නිසා කමක් නෑ. මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි. එයා ලඟට වෙලා ඒ වගේ ඉන්නයි ඕනේ මට.
Share: