වැඩ කරන තැනින් දෙන්නම නැවතුනත් අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්නා. දෙන්නගෙම ජීවිතේ ගෙවුනේ Whatsapp එකේමයි. උදේ ඉදන් රෑ වෙනකන්ම කෝල් කලා මැසේජ් කලා .. ඒත් ලග නැති පාලුව තදින්ම දැනුනා. දවස් ගොඩක් ගෙවුනා. හිතන් හිටියේ පරන ඔෆිස් එක ආයෙත් පටන් ගත්තම අපි දෙන්නට සතුටින් ආයෙත් ඉස්සර වගේම ඉන්න පුලුවන් වෙයි කියලා . ඒත් අලුතෙන් ඔෆිස් එකක් දැම්මේ නෑ. බලාපොරොත්තු උනු දේ නැති උනත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා කියලා හිත හදා ගත්තා. කල් යද්දි මගේ උපන් දිනේ දවස ආවා. එදා මගේ අම්මියා කලින් නිදාගත්තා . මට ගොඩක් දුක හිතුනා මගේ උපන්දිනේ අමතක වෙලාද කියලා. ඒත් හරියටම 12ට කෝල් එකක් අරන් විශ් කලා ඒ වෙලේ කියා ගන්න බැරි තරම් සතුටුයි. එයා මට කතන්දර කිව්වා. එදා ආසාවෙන් උන්නේ එයා එක්ක ඒ දවසේ ඉන්න. ඒත් බැරි උනා. ඔහොමම දවස් ගියා. එයයි මායි රන්ඩු උනා යාලු උනා ගොඩාක් ආදරෙන් උන්නා එයයි මමයි. අපි දෙන්නගේ ආදරේට දවස් 200ක් උනා . එදා දෙන්නටම ගොඩාක් සතුටුයි.
0 comments:
Post a Comment