කොල්ලෙක් උනාම ජොබ් එකක් කරන්න ඕනා. අනාගතේ හදාගන්න ඕනේ. මොකද සල්ලි තියෙද්දි හිතට බයක් නෑ අපිට එන ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න පුලුවන් වෙනවා එතකොට. අද හදිස්සියෙම colombo යන්න ඕන උනා ඒත් මා ගාව සල්ලි කීයක්වත් නෑ. පෝන් එකේවත් සල්ලි නෑ. මම එයාට කෝල් කරන්නෙත් whatsapp එකෙන්. එයාටම කියලා සල්ලි දාගෙන යාලුවන්ට කතා කරලා සල්ලි ඇහුවා. මම කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලලා නෑ. කතා කරපු හැමෝම කිව්වේ මේ වෙලේ නම් නෑ අරකයි මේකයි. සමහර විට මම ජොබ් එකක් කරන්නේ නැති එක ඒ හැමෝම දන්න නිසා මට සල්ලි දෙන්න බය ඇති ආයෙත් හම්බෙන එකක් නෑ කියලා. අද නම් ගොඩක් දුක හිතුනා.
මගේ අම්මියා අහනවා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ කියලා ඒ හැමවෙලේම මම එයාට කියන්නේ මට එක තැනක ඉදන් වැඩක් කරන්න බෑ කියලයි. ඒත් ඒක නෙමෙයි ඇත්තම හේතුව මට එයා නැතුව ඉන්න බෑ පාලුයි. කෙනෙක්ට ඒක නිකං විහිලුවක් වගේ වෙන්න පුලුවන් ඒත් දන්නේ නෑ මට එයා එක්කමයි ඉන්න ඕනේ ඒ බැඳීම අමුතුයි. එයාට මං ගොඩක් ආදරෙයි.
0 comments:
Post a Comment