Sunday, November 6, 2016

මේ දවස් වල එයාට ගොඩක් ප්‍රශ්න ඒක නිසාද දන්නේ නැහැ ඉක්මනට කේන්ති  ගන්නේ. මට ගෙදරින් බැන්නම මොනම දේකට හරි දුක හිතුනම හිත හදාගන්නේ එයා හරි මට ඉන්නවනේ කියලා.ඒත් දැන් එයා මම යවන msg එකකට reply  කරන්නෙත් නෑ. මට කියන්න කෙනෙකුත් නෑ. ඉස්සර එයාගේ මුලු ලෝකෙම මම වෙලා උන්නේ ඒත් පස්සේ එයාට වෙන හීනයක් තිබ්බා. ටිකෙන් ටික  ඒක ලොකු උනා. දැන් එයා ඒ හීනේ පස්සේ යනවා ඒක වෙන්න ඇති දැන් මාව ඒ හැටි ගානක් නැත්තේ. එයාගේ හීනෙට එයා ගියදෙන්. එයා රට යනවට පොඩ්ඩක්වත් ආස නෑ මම. ඉස්සරත් එපා කිව්වා තාම එහෙමයි. ඒත් පොඩියට තිබ්බ එයාගේ හීනේ දැන් ලොකු වෙලා. එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ කියලා තේරුනා එහේ යන්න. ඒත් එයා ගියාම මට ගොඩක් පාලුයි. යන්න එපා අම්මියෝ කියලා මම එයාට කොච්චර උනත් ඉස්සර කියලා ඇති. ඒත් දැන් එයා ගොඩක් හිතන්නේ එයගේ හිනේ ගැන විතරයි. මට ඒක නැති කරන්න ඕන නෑ. එයා දුකින් ඉන්නවට ආස නෑ එතකොට මගේ හිතටත් ගොඩක් අවුල්. එයා සතුටින් ඉද්දි මටත් ගොඩක් සතුටුයි. මගේ මුලු ලෝකෙම මගේ අම්මියා තමයි. මම ආදරෙයි එයාට ගොඩක්.
Share:

0 comments:

Post a Comment