Monday, November 7, 2016

එයා දවසක් මගේ ඔලුවේ අත තියලා දිවුරුවා මාව කවදාවත් අතාරින්නේවත් දාලා යන්නේවත් නෑ කියලා.එයා ඒ දිවුරුවේ බොරුවට නෙමෙයි . එයාට මම ගොඩක් ආදරෙයි. මගේ අතින් එයාට පොඩි පොඩි වැරදි උනා. පොඩි උනත් ලොකු උනත් වැරද්ද වැරද්දමයි කියලා එයාමයි මට කිව්වේ.  එයා අයියගේ නමින් දිවුරුව එකත් පැත්තකින් දාලා මට ආදරේ කලා. එදා ඉඳන් මමත් එයාට වෙනදට වඩා ගොඩාක් ආදරේ කලා. පොඩි දෙයක්වත් හැංගුවේ නෑ. මාරම විදියට ආදරේ කලා. ඒත් අද කිසිම හේතුවක් පටන් ගැන්මක් නැතුව එයා මගෙන් ඈත් වෙන්න යනවා. මේ ආදරේ ගැන දන්නවනම් හරියට එයා එහෙම කියන්නේ නෑ. මට එයාව මතක් වෙන තරම් එයා දන්නේ නැතුව ඇති.  හැමදේම අතෑරලා එයා වෙනුවෙන් පැය 24ම වෙන්කෙරුවා.  හැමතිස්සෙම  එයා එක්ක ඉන්නයි ඕනේ උනේ. ඒත් කොහෙන්දෝ මන්දා ආව දෙයක් තේරුන් ගන්න බැරි හේතුවක් නිසා අද එයා මගෙන් ඈත්වෙන්න යනවා. මට එයා විතරයි හැමදේටම ඉන්නේ. මගේ මුලු ලෝකෙම එයා. හිතෙනවා මම මේ ලියන ඒවා එයා දැක්කනම් කියලා. කවද හරි කොහොම හරි දකී එයා. ඒත් එදාට මම ඉඳියිද දන්නේ නෑ. ඉක්මන් වෙලා තීරන ගන්න හොද නෑ තමයි. ඒත් හිතට දරාගන්න බෑ කවුරුත් තේරුම් ගන්නේ නෑ. එයා හැමදාම තරහ උනු වෙලේට කියන්නේ ඔයා කියන කරන දේවල් මට පෙන්නේ නෑනේ කියලයි. ඒත් එයාට ඒ දේවල් පෙනුනනම් කවදාවත් මා එක්ක තරහ වෙන්නේ නෑ. එයා දන්නේ නැතුව ඇති පාලුයි අම්මියෝ ගගා මම අඩපු තරම්. මොනදේ උනත් එයා මට මොන දේවල් කිව්වත් මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි.
Share:

0 comments:

Post a Comment