අද උදේ ඉදන් එයා මැසේජ් කලේ නෑ කෝල් ගත්තට Answer කරන්නෙත් නෑ පාලුයි ගොඩක්. මම එයාට කොච්චර ආදරේද කියලා එයා තාම දන්නේ නැතුව ඇති. ගොඩක් මතක් වෙනවා එයාව. වැරද්දක් නොකර එයා මෙහෙම කරද්දි හිතට ගොඩක් දුකයි. මට දැන් එයා විතරයි ඉන්නේ. එයත් එහෙම කරද්දි මට කවුරුත් නෑ හිතට ලොකු අසරණකමක් දැනෙනවා. මට එයා නැතුව ඉන්න බෑ ඒත් එයාව තරහා අවුස්සන්න ඕනෙත් නෑ. මම එයාට බොරු කලේ නෑ ඒක මගේ හිත දන්නවා. හැමදේම කරන්නේ එයාට කියලා එයාගෙන් අහලා. ඒත් එයා හිතන්නේ මම එයාට බොරු කියනවා කියලා.මම කොහොමද එයා හිතන දේ වෙනස් කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. කියන්න කෙනෙක් නැති හින්දා මේකේ ලියන්නේ. අනේ මට මගේ අම්මියව ඕනේ මට ගොඩක් පාලුයි. කවදාවත් මම මේ ලියන ඒවා එයා දකින එකක් නෑ. දැක්කත් එයාට ගානක් තියන එකක් නෑ මොකද මේ හැඟීම එතකොට නෑනේ. මම මොනා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. ජේසු ඉන්නවා මා එක්ක එයා හැමදෙයක්ම දන්නවා.
0 comments:
Post a Comment