Thursday, November 3, 2016

එයා එක්ක ඉන්න ආසයි හැමවෙලේම

ඊයෙත් එයා එක්ක කොලඹ ගියා. එයා ලගටම වෙලා ඉන්නකොට හිතට හෙන සැනසීමයි අනිත් ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙලා යනවා. එයා ලඟින් ඉද්දි වෙලාව හයියෙන් යනවද මන්දා ඉක්මනට හවස් වෙනවා. එයාව දාලා ගෙදර එන්න ගියාම හිතට මාරම දුකයි පාලුයි. ඒත් ගෙදර ඇවිත් මැසේජ් හරි කරනවනේ කියලා හිත හදාගන්නවා.

ඉස්සර වගේ නෙමෙයි දැන් එයාට ගොඩක් තරහා යනවා. ඒත් ටික වෙලාවකට විතරයි. එයා ගොඩක් හොඳයි. එයා තරහ ගන්නවට නම් පොඩ්ඩක්වත් ආස නැහැ. ගොඩක් වෙලාවට ඇයි එයාට තරහා ගියේ කියලා මට තේරෙන්නෙත් නෑ. ලග හිටියනම් එයාට එහෙම කේන්ති යන්නේ නෑ. ගොඩක් වෙලාවට මම නිදා ගන්නවා කියලා එයා නිදා ගන්න යනවා. එතකොට  මම මොනා කරන්නද මට ගොඩක් පාලුයි. එයා විතරයි ඉන්නෙත. එතකොට මම මොනාද කරන්නේ. නින්ද යන්නෙත් නෑ. තේරෙන්නේ නෑ ඇයි කියලා. මට එකට එක කරන්න ඕනේ නෑ. මම එයාට ගොඩක් ආදරෙයි.
Share:

0 comments:

Post a Comment