Monday, May 29, 2017

අද මගේ Birthday එක 🙂

අද මගේ birthday එක. දැන් මට ඉස්සර වගේ දඟලලා කරලා ඉන්න බෑ දැන් මම ලොකුයි නේ. ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. බලන් ඉන්නේ අම්මියා විෂ් කරනකන්...
ගිය පාර නම් හරියම 12ට විශ් කලා එයා. ඒත් මේ පාර තාම විශ් කලේ නෑ. එයාට මහන්සියට නින්ද ගිහින් ඇති පව් මගේ අම්මියා. කමක් නැහැ අද උදේට හරි විශ් කරයිනේ.
චුට්ටක් හිතට දුකයි ඒත්. ගොඩක් දවස් ඉඳලා බලන් උන්නේ අද 12 වෙනකන් විශ් කරයි කියලා. ගිය පාර විශ් කරලා අම්මියා මට කතන්දරත් කිව්වා. ඒවා මේ පාර නෑ කියලා මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි. අමතක වෙන්න ඇති එයාට වැඩත් එක්ක. කමක් නෑ අම්මියා ලබන පාර විශ් කරයිනේ. මම බලන් ඉන්නවා විශ් කරනකන්.. මම එයාට ගොඩක් ආදරෙයි.
දැන් නම් දොයිමතයි බලන් උන්නා ගොඩක් වෙලා. එයත් දොයි ඇති උදේට විශ් කරයිනේ. මමත් දැන් නිදාගන්නවා.


Share:

එයාගේ ගෙදර අය හරි හොඳයි 😊

පහුගිය ටිකේම එක දිගට එයලගේ ගෙදර ගියා.ගිය හැමදාම ගොඩක් සතුටින් උන්නේ. පාලුවක් නෑ එතකොට අම්මියා ලඟටම වෙලා උන්න හැකි නේ. එයාලගේ ගෙදර අයත් හරි හොඳයි. නිදහසේ පැත්තකට වෙලා පාඩුවේ උන්න හැකි එහේ ගියාම. එයාගේ අම්මත් හරි හොඳයි මම අම්මටත් ආදරෙයි. ගෙදර අනිත් අයත් එහෙමයි. ඒත් එයා ආයෙත් එන්න එපා කිව්වා ගෙවල් පැත්තේ වැඩිය. එහෙම උනාම පාලුයි ගොඩක් ලඟටම වෙලා ඉඳලා එහෙම යන්නේ නැතුව ඉන්න උනාම.  පෝන් එකෙන් හරි කතා කරනවනේ. ඒ නිසා කමක් නෑ. මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි. එයා ලඟට වෙලා ඒ වගේ ඉන්නයි ඕනේ මට.
Share:

Sunday, April 2, 2017

ගොඩක් තරහා යනවා දැන් අම්මියට..

ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරහා ගන්නවා අම්මියා. චූටි දේටත්. ඉස්සර එයා තරහා ගත්තම මාත් එයා එක්ක තරහා උනා. ඒත් දැන් එහෙම නෑ. එයා මට ගැහුවත් බැන්නත් ඉවසනවා. හැමදේටම හේතුවක් තියන නිසානේ තරහා ගන්නෙත්. පව් ඒ අතින් එයාට රට යන්නවත් හරියට හෙල්ප් එකක් නෑ. මම කොල්ලා වෙලත් එයාට හෙල්ප් කරන් නෑ කියලා එයාට හිතෙනවා ඇති. අනේ මන්දා. මම පුලුවන් විදියට උදව් කරනවා. තරහා ගන්නවට නම් ආස නෑ. තරහා උනාම රෑට නින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා. පාන්දරටත් එහෙමයි.
ඕන කෙනෙක් මට බනිද්දි ඉවසන් ඉන්න පුලුවන්. ඒත් මගේ අම්මියා බනිද්දි හිතට පුදුම දුකක් තියෙන්නේ. ඒක එයාට තේරෙන්නේ නැතුව ඇති. මගෙත් වැරදි තියන නිසානේ තරහා ගන්නේ . ඒත් ඔහොම බනිනකොට ගොඩක් දුකයි අම්මියෝ.
ඉස්සර වගේම මේ විදියට ලං වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට ඉවර වෙනවනම් හොඳයි.. ඉස්සර ඔෆිස් එකේදී වගේම එයාට ලං වෙලා ඉන්න තිබුනනම් මේ මුකුත් නෑ. 
ඒ දවස් ආයේ එනවනම්.......

Share:

එයාට ඕනේ රට යන්න!

එයාට දැන් ඕනේ රටකට යන්න ඉක්මනට. ⏩"ඔයා අපේ අනාගතේ ගැන හිතන් නැති එකේ මමවත් මොනහරි කරන්න යද්දි එපා කියන්න එපා" ⏪ කියලා එයා කිව්වා මට. මම ආස නෑ අම්මියා මාව දාලා යනවට. හිතට අමුතුයි හිතද්දිත්. ඕනෙ නම් වෙන සමහර කොල්ලෝ වගේ -ඔයා රට යන්න,ගිහින් සල්ලි හොයන්න කියන්න පුලුවන්- ඒත් මම ආස නෑ එයා යනවට. මට සල්ලිවත් එයා රට ගිහින් හොයන කිසි දෙයක්වත් ඕනේ නෑ, අනික එයා ගියා කියලා මාව ගන්න ඕනෙත් නෑ. මට ඕනේ එයාගේ ආදරේ විතරයි.
රට යන දේවල් ඔලුවට දාගෙන නිසා එයාගේ ආදරේ දැන් අඩුවෙලාද කියලත් හිතෙනවා. එතකොට නම් ගොඩක් දුක හිතෙනවා.  කලින් ජපන් යන්න ගිය දවස් වල වගේම දැනුත් එයාට ගොඩක් තරහා යනවා. පොඩි දේටත්. එක අතකින් පව් එයා. ඒත් තරහ යනවට නම් ආස නෑ.
එයා එක්ක රට යන්න මම ගාව සල්ලි නෑ. අපේ ගෙදර අයගෙන්වත් help එකක් නෑ. තනි මම කොහොමද ලක්ෂ ගානක් හොයන්නේ.  සල්ලි නැති නිසා මම හිතින් ගොඩක් විදෝනවා. අඩනවා. එයා ඒවා දන්නේ නෑ. 
අද එයා මට කිව්ව දේවල් වලට නම් ගොඩක් හිත රිදුනා. මම එයා ගැන හිතන හැටි , මගේ හිතේ එයාට තියන ආදරේ දන්නේ මම විතරයි.  ගොඩක් ආදරෙයි එයාට.

Share:

එයාගේ Bday එක මාර්තු 14

මාර්තු 14 අම්මියගේ birthday  එක තිබ්බා. එදා පාන්දර 12 වෙනකන් බලන් උන්නේ එයාට විශ් කරන්න. එදා මට හොඳටම හෙම්බිරිස්සා.. ඇස් දෙක ඇරන් ඉන්නත් අමාරුයි. කොහොම හරි 11.59ට එයාට කෝල් කලා. ඒක එයා කට් කලා. අදුරන් නැති number  එකකින් ගත්ත නිසා වෙන්න ඇති. ආයෙත් කෝල් කලා එතකොට  call waiting, මට ගොඩක් දුක හිතුනා..  කොහොම හරි මට විශ් කරන්න ලැබුනේ 12.04ට. මට ගොඩක් දුකයි. ඒකනිසා මම ඇහුවා එයාගෙන් කවුද කෝල් කලේ කියලා එයා කිව්වා කවුරුත් නෑ line busy නිසා waiting  වෙන්න ඇති කියලා. අම්මියා කියනවනම් එහෙම වෙන්න ඇති. මම එදා ගොඩක් ඇඩුවා. එයත් ගොඩක් ඇඩුවා. මම එයාගේ Birthday  එකම මූසල කලා කියලා හිතුනා මට.  එයා පව්.
ගිය අවුරුද්දේ  එයාගේ birthday  එකට දුන්නේ teddyයෙක්ව. ඒත් මේ පාර මුකුත් අරන් දෙන්නවත් මට සල්ලි තිබ්බේ නෑ.එයාගේ යාලුවෝ අහලා තිබ්බා මම මොනාද දුන්නේ කියලා. එයා ඒක shape කරලා.. පව් මගේ අම්මියා. වෙන කෙනෙක් එක්ක යාලු උනානම් සතුටින් ඉන්නවා. මම එක්ක දුක් විදිනවා කියලා මට හිතෙනවා. එයා පව්. ආදරෙයි එයාට ගොඩක් 😊
Share:

Tuesday, March 14, 2017


එයා එක්ක ගිය මාසේ දවසක් ඇදුම් ගන්න ගියා. ගිය සතියෙත් ගියා. බයික් වල යනවා වගේ නෙමෙයි බයිසිකලේ යද්දී ගොඩක් වෙලා යනවනේ එතකොට  මරු.. අම්මියත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුලුවන් ලගටම වෙලා. මම පදින්නෙත් හෙමීට 😏වෙන කෙල්ලෝ බයිසිකල් වල යන්න ආස නෑනේ ඒත් මගේ අම්මියගේ බොරු ලොකුකම් නෑ. සරලයි. ඒක නිසයි මම එයාට ගොඩක් ආදරේ. ඒ දවස් දෙකේම රෑ අපි කොත්තු කාලා ගෙදර ආවා. එයා එක්ක ලගට වෙලා ඉන්න නම් ගොඩක් ආසයි.
Share:

Sunday, March 12, 2017

අපි දෙන්නා යාලු වෙලා අවුරුද්දකුත් උනා...


මායි අම්මියයි යාලු වෙලා වැලන්ටයින්ස් ඩේ එක දවසට හරියටම අවුරුදුක්. මම එදා අම්මියලාගේ ගෙදර ගියා එයා එක්ක රෑ වෙනකන්ම උන්නා කතා කර කර. එයා එක්ක ඉද්දි වෙලාව යනවා තෙරෙන්නේ නෑ. ගොඩක් ආසයි අම්මියා  ලගටම වෙලා ඉන්න. ඉක්මනට එයාගේම වෙලා එයාට තුරුල් වෙලා ඉන්නයි ඕනේ. 😊
Share:

Thursday, February 9, 2017

අම්මියට සමහර වෙලේට එන කෝල් ඉවර වෙන්න විනාඩි 15-30 යනවා. ඒ වෙලේට මට ගොඩාක් පාලුයි. එයාට ඒක කිව්වම එයා තේරුම් ගන්නේ වෙන විදියකට. මට එයා විතරයි ඉන්නේ. හැම වෙලේම අම්මියා එක්ක ඉන්නයි ඔනේ. ගොඩාක් ආදරෙයි එයාට. එයා මගේ අම්මියානේ. මගේ විතරයි. 


Share:

Sunday, January 29, 2017

අපි දෙන්නගේ ආදරේට දවස් 350කුත් උනා. හරියටම valentines  day එක දවසට අපි යාලුවෙලා අවුරුද්දක්. දවස් 350k ආදරේ පරිස්සම් කරගත්තා. මේ ටික දවසත් අම්මියත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නයි ඕනේ
1 year anniversary  එක එනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. :)
Share:

Saturday, January 14, 2017

එයාට headset එකක් ගත්තා . එහෙම ඒවට එයා ආස නෑලු. පස්සේ වෙන එකක් ගත්තා. එයාට නොකියම ලගට ගිහින් ඒක දෙන්නයි ඕනේ උනේ. එහෙම බැරි වෙයි වගේ.. :)

Share:

Friday, January 13, 2017

එයාට headset  එකක් නෑ , අක්කගේ එක එයා use කරන්නේ. ඉතින් එයාට headset  එකක් ගෙන්න ගත්තා අද අම්මට කියලා. හෙට දෙනවා මේක අම්මියට. 😘
Share:

Dec 23 වෙනිදා එයා තරහා වෙලා මම එයලාගේ ගෙදර ගියා. අම්මියා  මාව තුරුල් කර ගත්තා.
එයයි මායි කොහොම හරි 2017ටත් ඇවිත්.
ගිය අවුරුද්දේ උන වැරදි හදාගෙන එයයි මායි ගොඩක් ආදරෙන් ඉන්න තමයි හිතන් ඉන්නේ. එයා ගිය අවුරුද්දේ  අන්තිමේට කිව්වා, 2017 අපි දෙන්නා ඈත් වෙයි කියලා හිතෙනවා කියලා. හැමවෙලේම  මම ජේසුට කියන්නේ අනේ එහෙම නම් වෙන්න එපා කියලා. මම එයාට ගොඩක් ආදරෙයි. හෙට අපි දෙන්නා යාලු වෙලා මාස 11ක්. දවස් වලින් නම් 336ක්.  ගොඩක් ප්‍රශ්න ආව හිනා උනා රන්ඩු උනා ලස්සන දවස් ගෙවිලා ගිහින් දන්නෙම නැතුව. අම්මියා ලගටම වෙලා ඉඳන් ඉස්සරහට එන දවසුත් ලස්සන කරගන්නයි හිතන් ඉන්නේ..

Share: