ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරහා ගන්නවා අම්මියා. චූටි දේටත්. ඉස්සර එයා තරහා ගත්තම මාත් එයා එක්ක තරහා උනා. ඒත් දැන් එහෙම නෑ. එයා මට ගැහුවත් බැන්නත් ඉවසනවා. හැමදේටම හේතුවක් තියන නිසානේ තරහා ගන්නෙත්. පව් ඒ අතින් එයාට රට යන්නවත් හරියට හෙල්ප් එකක් නෑ. මම කොල්ලා වෙලත් එයාට හෙල්ප් කරන් නෑ කියලා එයාට හිතෙනවා ඇති. අනේ මන්දා. මම පුලුවන් විදියට උදව් කරනවා. තරහා ගන්නවට නම් ආස නෑ. තරහා උනාම රෑට නින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා. පාන්දරටත් එහෙමයි.
ඕන කෙනෙක් මට බනිද්දි ඉවසන් ඉන්න පුලුවන්. ඒත් මගේ අම්මියා බනිද්දි හිතට පුදුම දුකක් තියෙන්නේ. ඒක එයාට තේරෙන්නේ නැතුව ඇති. මගෙත් වැරදි තියන නිසානේ තරහා ගන්නේ . ඒත් ඔහොම බනිනකොට ගොඩක් දුකයි අම්මියෝ.
ඉස්සර වගේම මේ විදියට ලං වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට ඉවර වෙනවනම් හොඳයි.. ඉස්සර ඔෆිස් එකේදී වගේම එයාට ලං වෙලා ඉන්න තිබුනනම් මේ මුකුත් නෑ.

ඒ දවස් ආයේ එනවනම්.......