Wednesday, November 16, 2016

මගේ අම්මියට මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා ඇති එයා ඒවා හිතේ හිර කරන් ඉන්නවා. එයාව වෙනකාටවත්  දෙන්නේ නෑ.  ඒත් එයා ආස කරන ගොඩක් දේවල් මේ ආදරේ වෙනුවෙන් කැප කරලා ඉන්නේ. වෙලාවකට චුට්ටක් කේන්ති ගත්තට මාරම හොදයි එයා. ඒ වගේ කෙනෙක්ව වෙන කාටත් ලැබෙන්නේ නෑ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. එයාව හැමදාටම මගේ කර ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. මගේ අම්මියට මම ගොඩක් ආදරෙයි. කවදා හරි මට සල්ලි තියන දවකට මම එයාව හොඳට බලාගන්නවා. ඒ දවස ඉක්මනටම එයි.
Share:

ඔයා නැතුව ගොඩක් පාලුයි මගේ අම්මියෝ

මගේ රත්තරන්  අම්මියට ගොඩක් ප්‍රශ්න එයා ගොඩක් පව්. අද ඉදන් අපිට වට්සැප් එකෙන් මැසේජ් කරන්න වෙන්නෙත් නෑ එයාගේ පෝන් එක කැඩිලා දැන් පොඩි පෝන් එකක් තියෙන්නේ. වෙනදට අපි නිදියන්න්නේ Line එකේ ඉඳන්මයි. ඒත් අද ඉදන් එහෙම නිදයන්න වෙන්නේ නෑ. පාලුයි ගොඩක්. එයා එක්ක ඉද්දි ගොඩක් සැනසීමයි. මට හැමතිස්සෙම ඕනේ එයාව සතුටින් තියන්න. අම්මියා හිනා වෙලා ඉන්නවට ගොඩක් ආසයි. ඒත් එයා අවුලෙන් ඉන්නේ පව්. හැමතිස්සෙම  ජේසුට කියන්නේ එයාගේ හැම වැඩක්ම හරියට කර ගන්න ලැබෙන්න කියලයි.
Share:

Tuesday, November 8, 2016


ඔයා කාට ආදරේ කලත් මම ඔයාට ආදරෙයි අම්මියෝ.. ගොඩක් ආදරෙයි
Share:

Monday, November 7, 2016

දැන් දවස් දෙකක් තිස්සේ එයා msg එකක්වත් එවන්නේ නෑ. මට ගොඩක් පාලුයි කාමරේ අස්සට වෙලා එයා ගැන හිත හිත ඉන්නව මිසක් කරන්න කිසිදෙයක් නෑ. රෑට නිදා ගත්තම ගැස්සි ගැස්සි ඇහැරෙනවා නින්දෙනුත් මතක් වෙන්නේ අම්මියව. එයාට මාව චුට්ටක්වත් දැන් මතක් වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. එහෙම හිතන්නවත් ආස නෑ හිතට  ගොඩක් දුකයි එතකොට. එයා ගොඩක් හොඳයි. ඒත් ඇයි එකපාරටම මෙහෙම උනේ කියලා හිතා ගන්න බෑ. එයාට තියන ප්‍රශ්න නිසාද නැත්තම් මාව එපා වෙලාම ගිහින්ද කියලා තේරෙන්නේ නෑ.  මොන දේ උනත් මම එයාට ගොඩක් ආදරෙයි මගේ ආදරේ බොරුවක් නෙමෙයි. එයාට කවදා හරි ඒක තේරෙයි.
Share:

එයා දවසක් මගේ ඔලුවේ අත තියලා දිවුරුවා මාව කවදාවත් අතාරින්නේවත් දාලා යන්නේවත් නෑ කියලා.එයා ඒ දිවුරුවේ බොරුවට නෙමෙයි . එයාට මම ගොඩක් ආදරෙයි. මගේ අතින් එයාට පොඩි පොඩි වැරදි උනා. පොඩි උනත් ලොකු උනත් වැරද්ද වැරද්දමයි කියලා එයාමයි මට කිව්වේ.  එයා අයියගේ නමින් දිවුරුව එකත් පැත්තකින් දාලා මට ආදරේ කලා. එදා ඉඳන් මමත් එයාට වෙනදට වඩා ගොඩාක් ආදරේ කලා. පොඩි දෙයක්වත් හැංගුවේ නෑ. මාරම විදියට ආදරේ කලා. ඒත් අද කිසිම හේතුවක් පටන් ගැන්මක් නැතුව එයා මගෙන් ඈත් වෙන්න යනවා. මේ ආදරේ ගැන දන්නවනම් හරියට එයා එහෙම කියන්නේ නෑ. මට එයාව මතක් වෙන තරම් එයා දන්නේ නැතුව ඇති.  හැමදේම අතෑරලා එයා වෙනුවෙන් පැය 24ම වෙන්කෙරුවා.  හැමතිස්සෙම  එයා එක්ක ඉන්නයි ඕනේ උනේ. ඒත් කොහෙන්දෝ මන්දා ආව දෙයක් තේරුන් ගන්න බැරි හේතුවක් නිසා අද එයා මගෙන් ඈත්වෙන්න යනවා. මට එයා විතරයි හැමදේටම ඉන්නේ. මගේ මුලු ලෝකෙම එයා. හිතෙනවා මම මේ ලියන ඒවා එයා දැක්කනම් කියලා. කවද හරි කොහොම හරි දකී එයා. ඒත් එදාට මම ඉඳියිද දන්නේ නෑ. ඉක්මන් වෙලා තීරන ගන්න හොද නෑ තමයි. ඒත් හිතට දරාගන්න බෑ කවුරුත් තේරුම් ගන්නේ නෑ. එයා හැමදාම තරහ උනු වෙලේට කියන්නේ ඔයා කියන කරන දේවල් මට පෙන්නේ නෑනේ කියලයි. ඒත් එයාට ඒ දේවල් පෙනුනනම් කවදාවත් මා එක්ක තරහ වෙන්නේ නෑ. එයා දන්නේ නැතුව ඇති පාලුයි අම්මියෝ ගගා මම අඩපු තරම්. මොනදේ උනත් එයා මට මොන දේවල් කිව්වත් මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි.
Share:

Sunday, November 6, 2016

එයා නැතුව මට ගොඩක් පාලුයි. කොච්චර  msg කලත් reply  එකක්වත් එන්නේ නෑ. මට අම්මියව ඕනේ. එයාගේ ආදරේ ඕනේ. පාන්දරට නිකන්ම ඇහැරෙනවා අම්මියව මතක් වෙලා. එයාට දැන් මාව ගානක් නැහැ වගේ. කියාගන්න  බැරි තරම් පාලුයි. එයා ගාවට වෙලා තුරුල් වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා. මට මගේ අම්මියව ඕනේ. එයගෙන් සමාව ගන්නවත් මම කරපු වැරැද්ද මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. කවදාවත් මට msg නොකර ඉඳලා නෑ. ඒත් ඊයේ මුලු දවසටම එක msg එකක්වත් එව්වේ නෑ. එයාට දැන් මම නැතුව ඉන්න පුලුවන් වගේ. එහෙම හිතෙද්දිත්  හිතට ගොඩක් දුකයි.
Share:

මට ඔයා නැතුව ගොඩාක් පාලුයි අම්මියෝ

ගෙදර ඉන්න බෑ අම්මියව ගොඩාක් මතක් වෙනවා. ඒක නිසා එයාගේ class එක ගාවට ගියා. එතන ටිකක් වෙලා උන්නම එයා ක්ලාස් ඉවර වෙලා එලියට ආව. මාව දැක්කම ගොඩක් සතුටු හිතෙයි කියලයි හිතුවේ. ඒත් එයාට මාව දැක්කම අවුල් ගියා වගේ. ඒක එයාගේ මූනෙන් තේරුනා. මාව ගනන් ගත්තේ නෑ. එයා බස් එකට නැගලා සීට් එකකින් ඉදගත්තා. වෙනදට මට ඉදගන්න කියලා එයා හිටන් යනවා. එයා ගොඩක් හොදයි. එයාට නොදැනෙන්න එයාව මම තුරුල් කරගත්තා. ඒ වෙලේ මට තේරුනා එයාගේ හිතේ තාම මට ආදරයක් තියනවා කියලා. වෙනදට බස් එකෙන් බහිද්දි එයා මගේ නලල කිස් කරලා යන්නේ .ඒත් අද බැහැලා ගියා හැරිලා බැලුවෙවත් නෑ.  ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. එයා මගේ අම්මියා. වෙන කාගෙවත් නෙමෙයි. කාටවත් දෙන්නෙත් නෑ එයාව.
Share:

මේ දවස් වල එයාට ගොඩක් ප්‍රශ්න ඒක නිසාද දන්නේ නැහැ ඉක්මනට කේන්ති  ගන්නේ. මට ගෙදරින් බැන්නම මොනම දේකට හරි දුක හිතුනම හිත හදාගන්නේ එයා හරි මට ඉන්නවනේ කියලා.ඒත් දැන් එයා මම යවන msg එකකට reply  කරන්නෙත් නෑ. මට කියන්න කෙනෙකුත් නෑ. ඉස්සර එයාගේ මුලු ලෝකෙම මම වෙලා උන්නේ ඒත් පස්සේ එයාට වෙන හීනයක් තිබ්බා. ටිකෙන් ටික  ඒක ලොකු උනා. දැන් එයා ඒ හීනේ පස්සේ යනවා ඒක වෙන්න ඇති දැන් මාව ඒ හැටි ගානක් නැත්තේ. එයාගේ හීනෙට එයා ගියදෙන්. එයා රට යනවට පොඩ්ඩක්වත් ආස නෑ මම. ඉස්සරත් එපා කිව්වා තාම එහෙමයි. ඒත් පොඩියට තිබ්බ එයාගේ හීනේ දැන් ලොකු වෙලා. එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ කියලා තේරුනා එහේ යන්න. ඒත් එයා ගියාම මට ගොඩක් පාලුයි. යන්න එපා අම්මියෝ කියලා මම එයාට කොච්චර උනත් ඉස්සර කියලා ඇති. ඒත් දැන් එයා ගොඩක් හිතන්නේ එයගේ හිනේ ගැන විතරයි. මට ඒක නැති කරන්න ඕන නෑ. එයා දුකින් ඉන්නවට ආස නෑ එතකොට මගේ හිතටත් ගොඩක් අවුල්. එයා සතුටින් ඉද්දි මටත් ගොඩක් සතුටුයි. මගේ මුලු ලෝකෙම මගේ අම්මියා තමයි. මම ආදරෙයි එයාට ගොඩක්.
Share:

එයා දැන් ක්ලාස් ගිහින් ඇති.මම කොච්චර  මැසේජ් කලත් reply  කරන්නේ නෑ. ගොඩක් මතක් වෙනවා එයාව. මගේ මුලු ලෝකෙම එයා. ඒත් එයාට දැන් මාව කරදරයක් වෙලාද දන්නේ නෑ. මම එයාට හැමදේම කිව්වා එයා තේරුම් ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ ඒක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති.  මට එයාව ගොඩක් මතක් වෙනවා. මම බොරුවට ආදරේ කලේ නෑ එයාට.අම්මියෝ  කියලා කියන්නේ ගොඩක් ආදරෙන් මිසක් බොරුවට නෙමෙයි. හිතට ගොඩක් පාලුයි එයාව ඕනේ. මට ගොඩක් වටිනවා එයාව. බොරුවක් කලානම් ඒක පිලිගන්න බැරිකමක් නෑ. ඒත් දැන් එයා මොන දේකට තරහා වෙලාද කියලා තේරෙන්නේ නෑ. මට අම්මියා නැතුව ගොඩක් පාලුයි. වෙනදට කෝල් කරනවා එයා එක්ක අද එහෙම නෑ පාලුයි ගොඩක්. මට එයාව තුරුල් කර ගන්න තිබ්බනම් කියලා හිතෙනවා. හැමදාම ආසකලේ එයා එක්ක හොදින් ඉන්න මිසක් එයාව තරහා කර ගන්න නෙමෙයි.  ගොඩක් ආදරෙන් ජීවත් වෙන්න  ආසයි එයත් එක්ක. මගේ ජීවිතේම එයා.
Share:

අද උදේ ඉදන් එයා මැසේජ් කලේ නෑ කෝල් ගත්තට Answer  කරන්නෙත් නෑ පාලුයි ගොඩක්. මම එයාට කොච්චර ආදරේද කියලා එයා තාම දන්නේ නැතුව ඇති. ගොඩක් මතක් වෙනවා එයාව. වැරද්දක් නොකර එයා මෙහෙම කරද්දි හිතට ගොඩක් දුකයි. මට දැන් එයා විතරයි ඉන්නේ. එයත් එහෙම කරද්දි මට කවුරුත්  නෑ හිතට ලොකු අසරණකමක් දැනෙනවා. මට එයා නැතුව ඉන්න බෑ ඒත් එයාව තරහා අවුස්සන්න ඕනෙත් නෑ. මම එයාට බොරු කලේ නෑ ඒක මගේ හිත දන්නවා. හැමදේම කරන්නේ එයාට කියලා එයාගෙන් අහලා. ඒත් එයා හිතන්නේ මම එයාට බොරු කියනවා කියලා.මම කොහොමද එයා හිතන දේ වෙනස් කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. කියන්න කෙනෙක්  නැති හින්දා මේකේ ලියන්නේ. අනේ මට මගේ අම්මියව ඕනේ මට ගොඩක් පාලුයි. කවදාවත් මම මේ ලියන ඒවා එයා දකින එකක් නෑ. දැක්කත් එයාට ගානක් තියන එකක් නෑ මොකද මේ හැඟීම එතකොට නෑනේ.  මම මොනා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. ජේසු ඉන්නවා මා එක්ක එයා හැමදෙයක්ම දන්නවා.
Share:

Saturday, November 5, 2016

ජීවිතේ දවසින් දවස අපිට ගොඩක් පාඩම් කියලා දෙනවා. අදත් එහෙමයි. බොරුවක් කරන් නැතුව එයාගෙන් බැනුම් අහද්දි හිතට ගොඩක් දුකයි කියපු වචන ආපහු ගන්න බෑ කියලා එයාට අමතක වෙන්න ඇති. හැමවෙලේම එයා ගැනමයි හිතන් ඉන්නේ මගේ මුලු ලෝකෙම එයා. ඒත්  එයාට මාව බොරු කාරයෙක් වෙලා. කියාගන්න කෙනෙක් නෑ හිතට  දරා ගන්න අමාරුයි. එයා මැසේජ් එකක් එවලා මේ හැමදේම ඉවරයි එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. මට එයා නැතුව ඉන්න බෑ ඒත් මැසේජ් එකක් යැව්වම එයාගෙන් එන reply එකෙන් තවත් හිත පෑරෙනවා. සමහර විට මම කියන දේවල් එයා තේරුම් ගත්තේ වැරදියට වෙන්න ඇති මම එයාට බොරුවක් කලේ නෑ. හිතට ගොඩක් දුකයි.  එයා පව් ප්‍රශ්න ගොඩක් ඉන්න නිසා ඔලුව  අවුල් වෙලා ඇති. ඒත් එයා කියන වචන වලට හිත ගොඩක් රිදෙනවා.මොන දේ උනත් මගේ අම්මියට මම ගොඩක් ආදරෙයි.
Share:

Thursday, November 3, 2016

එයා එක්ක ඉන්න ආසයි හැමවෙලේම

ඊයෙත් එයා එක්ක කොලඹ ගියා. එයා ලගටම වෙලා ඉන්නකොට හිතට හෙන සැනසීමයි අනිත් ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙලා යනවා. එයා ලඟින් ඉද්දි වෙලාව හයියෙන් යනවද මන්දා ඉක්මනට හවස් වෙනවා. එයාව දාලා ගෙදර එන්න ගියාම හිතට මාරම දුකයි පාලුයි. ඒත් ගෙදර ඇවිත් මැසේජ් හරි කරනවනේ කියලා හිත හදාගන්නවා.

Share: