Wednesday, October 26, 2016

මමත් එයාට ගොඩක් ආදරෙයි


ඊයේ උදේ එයා කිව්ව හවසට වැඩක් දාගන්න එපා එයා එක්ක ගමනක් යන්න එන්න කියලා.මට මොන වැඩ කියලද මට එයාගෙන් තොර ලෝකයක් නෑනේ.මට ඊයේ ටිකක් අසනීපයි හෙම්බිරිස්සා  නිසා ඔලුව බරයි වගේ. හවස කොහොමහරි එයා මට එකටම එතෙන්ට යන්න කිව්වා එයා මට පස්සේ එන්නම් කියලා.දන්නේ නෑ ඇයි කියලා එයා ගොඩක් දවස්  වලට එහෙමයි මාව එකටම යවලා එයා පස්සේ එනවා. මම ආස එයා එක්ක යන්න මිසක් තනියම යන්න නෙමෙයි. ඊයේ එයා ආව මම එතෙන්ට ගියාට පස්සේ. එයාගේ අතේ documents වගයක් තිබ්බා. මම දැක්කා seal එකක් ගහපු කොලයක් තියනවා. එයා ඒව ටික file එකකට දාන් එන්නම් කියලා ගියා. ආයෙ එද්දි ඒ seal එක තිබ්බ කොලේ තිබ්බේ නෑ. එයා කිව්වා මොනා සීල් එකක්ද අනේ ඔයාට සර්කිට්ද ඔයා පල්ලයි එහෙම එකක් නෑ තාත්තගේ photocopy  වගයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ෆයිල් එක අරන් බලන්න ගියා. එයා දුන්නේ නෑ. ආයේ බස් එකේ යද්දි එයාම කිව්වා එතන seal එක ගහපු කොලයක් තිබ්බා කියලා. මට සීල් එකකින් වැඩක් නෑ පංගුවක් වෙලේට එයා මට මොනවදෝ කියාගන්න බැරුව හිතේ හන්ඟගෙන ඉන්නවා කියලා හිතෙනවා. ඊයේ මට ගොඩක් දුක හිතුනා එයා මම පල්ලයි එහෙම දෙයක් නෑ කිව්වා. ඒත් seal එක තිබ්බ කොලයක් තිබ්බනේ. ඊයේ බස් එකේ එද්දි එයා ගොඩක් ඇඩුවා. එයා අඩනවට නම් පොඩ්ඩක්වත් ආස නෑ. එක දෙයක් දන්නවා එයා මට ගොඩක් ආදරෙයි.
Share:

Job එකයි එයයි..


කොල්ලෙක් උනාම ජොබ් එකක් කරන්න ඕනා. අනාගතේ හදාගන්න ඕනේ. මොකද සල්ලි තියෙද්දි හිතට බයක් නෑ අපිට එන ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න පුලුවන් වෙනවා එතකොට. අද හදිස්සියෙම colombo  යන්න ඕන උනා ඒත් මා ගාව සල්ලි කීයක්වත් නෑ. පෝන් එකේවත් සල්ලි නෑ. මම එයාට කෝල් කරන්නෙත් whatsapp  එකෙන්.  එයාටම කියලා සල්ලි දාගෙන යාලුවන්ට කතා කරලා සල්ලි ඇහුවා. මම කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලලා නෑ. කතා කරපු හැමෝම කිව්වේ මේ වෙලේ නම්  නෑ අරකයි මේකයි. සමහර විට මම ජොබ් එකක් කරන්නේ නැති එක ඒ හැමෝම දන්න නිසා මට සල්ලි දෙන්න බය ඇති ආයෙත් හම්බෙන එකක් නෑ කියලා. අද නම් ගොඩක් දුක හිතුනා.
මගේ අම්මියා අහනවා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ කියලා ඒ හැමවෙලේම මම එයාට කියන්නේ මට එක තැනක ඉදන් වැඩක් කරන්න බෑ කියලයි. ඒත් ඒක නෙමෙයි ඇත්තම හේතුව මට එයා නැතුව ඉන්න බෑ පාලුයි. කෙනෙක්ට ඒක නිකං විහිලුවක් වගේ වෙන්න පුලුවන් ඒත් දන්නේ නෑ මට එයා එක්කමයි ඉන්න ඕනේ ඒ බැඳීම අමුතුයි.  එයාට මං ගොඩක් ආදරෙයි. 
Share:

Tuesday, October 25, 2016

එයා එක්ක ඉන්නකොට 👫

ඊයේ උදේ ඉදන් හවස් වෙනකන්ම එයා එක්කමයි උන්නේ. අම්මියා එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඊයේ බස් එකේ එද්දිත් එයාට තුරුල් වෙලා ඔහොමම එයාවත් තුරුල් කරගත්තා. හිතට ගොඩක් සැනසීමයි එතකොට. ගෙදර එන්න යද්දී චුට්ටක් දුක හිතුනා ඒත් ආයේ අදත් එයා එක්ක colombo යන්න තියනවනේ කියලා හිත හදාගත්තා. ඊයේ ගෙදර ගිය වෙලේ ඉදන් අද උදේ වෙනකන්ම ගොඩක් ආසාවෙන් උන්නේ එයත් එක්ක කොලඹ යන්න. ඒත් එයා තාත්තා එක්ක යනවා කිව්වා. ගොඩක් බලාපොරොත්තු තියන් ආසාවෙන් බලන් හිටපු දෙයක් නැති වෙලා යනවා කියලා තේරෙනකොට ගොඩාක් දුකයි. ඊයේ තිබ්බ සතුට හිත අහලකවත්  නෑ. මට අම්මියව ඕනේ. එයා ලගට වෙලා ඉන්න ඕනේ. සල්ලි නැති  උනාම මිනිස්සු  ගොඩක් අසරන වෙනවා.
Share:

Ex Boyfriend


තව කෙනක්ව block කරන එක නම් හෙන ප්‍රාථමික දෙයක්. ඒත් දවසක් මාවත් whatsapp  එකෙන් block කරපු එයාට එයාගේ පරන කොල්ලව block කරන්න බැරිලු. එතකොට මූනට දමලා ගහනවා වගේලු. ඒයා එහෙම කිව්වම හිතට ගොඩක්  දුක හිතුනා.
Share:

Sunday, October 16, 2016

හිතෙන දේවල්

ගැහැනු ලමයෙක්ව 100%ක්ම තේරුම් ගන්න එක නම් පිරිමි ළමයෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. එයලා හිතන පතන විදිහ ආස දේවල් අපි හිතනවට වඩා සංකීර්ණ  වෙන්න පුලුවන්.ගැහැනු ලමයෙක්  එයලගේ පිරිමි ලමයගෙන් බලාපොරොත්තු  වෙන දේවල් එයාට ලැබෙන් නැතුව ගියාම හිතෙන් දුක් වෙනවා වෙන්න පුලුවන්. පංගුවක් වෙලාවට එයා බලාපොරොත්තු  වෙන ආදරය රැකවරණය  එයාට ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. තව එයා ආස කරන දේවල් පිරිමි ලමයගෙන් එයාට නොලැබෙනවා වෙන්න පුලුවන්. ඒ කිසි දෙයක් නොලැබුනත් පිරිමි ලමයට ගොඩක් ආදරේ නිසා එයා පිරිමි ලමයව අතාරින් නැතුව එයා එක්කම ඉන්නවා වෙන්න පුලුවන්.
මගේ අම්මියටත්  මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා කියලා මට හිතෙනවා. යාලු වෙලා දැන් මාස 8ක් වෙලත් එයාට මම මුකුත්ම දීලා නෑ. එයා කිව්වේ නැති උනාට හිතේ චූටිම හරි දුකක් ඇති. සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලව හම්බෙන්න යන හැම පාරකම මොනවම හරි දෙනවනේ. එයා ආස කරන දේවල් ගොඩක් තියනවා ඒත් ඒව මුකුත් කරන්න මගේ ලග සල්ලි නෑනේ. මම ජොබ් එකක්වත් කරන් නෑනේ . එයා ගොඩක් පවු මට ගොඩක් ආදරෙයි. ඒක නිසා වෙන්න ඇති මගේ හිත රිදෙන්නවත් මුකුත් කියන්නේ නැත්තේ.  
Share:

Thursday, October 13, 2016

මට ගොඩාක් පාලුයි මගේ අම්මියෝ 
ඔයා නැති වෙලේට ගොඩාක් පාලුයි අම්මියෝ. කියාගන්න තේරෙන්නේ නෑ අම්මියෝ. ඔයාට තුරුල් වෙලා ඉන්න ඕනා අම්මියෝ .මට ඔයාව ඕනා අම්මියෝ. ඔයාට මාව මතක් වෙන්නේවත් නැද්ද මගේ රත්තරන්  අම්මියෝ.

Share:

Wednesday, October 5, 2016

අම්මියා 💕


ඒත් දැන් එයා මං ලඟ  නෑ හිතට දරාගන්න බෑ
එයාව ගොඩාක් මතක් වෙනවා රෑට නින්ද යන්නේ නෑ. ඇස් දෙක ඇරන් උන්නත් වහන් උන්නත් මතක් වෙන්නෙම එයාව. ඉස්සර එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියන් නිදා ගන්නවා . එතකොට නිකන්ම නින්ද යනවා එයා ඔලුව අත ගාද්දී. ඉස්සර හැමදාම එයා මට කෑම කවනවා ඒත් දැන් මට කෑම කවන්න එයා නෑනේ. ඉස්සර පැයක් දෙකක් එයා තරහා වෙලා ඉද්දිත් මට දරා ගන්න බෑ . ඉතිං දැන් කොහොමද මම දරාගෙන ඉන්නේ . මට එයාව ඕනේ . ගොඩක් වටිනවා එයාව මට. එයා නැතුව ගොඩාක් පාලුයි. මම ගොඩක් ආදරෙයි එයාට.හැමදාම නැගිටපු ගමන් ෆෝන් එක අන්ලොක් කරලා  වෝල්පේපර් එක දිහා බලන් ඉන්නවා. ඒකේ ඉන්නේ එයානේ. එතකොට හිතට ගොඩක් සැනසීමයි. මගේ සැනසීම එයා ගාව.
Share:

ලං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද.



මං හඬපු හැමදාම නුබ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද 
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ 
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම

පපුතුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩනගපු පෙම්හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද 

මං හඬපු හැමදාම........

හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම 
බොද වෙච්ච පෙම්හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම 
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද 

මං හඬපු හැමදාම.........

වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම
Share:

මේක බලන කෙනෙක්ට මේක විහිලුවක් වෙන්න පුලුවන්.

ඒත් මගේ ජීවිතේම  මේ කතාව තමයි

Share:

එයයි මමයි


වැඩ කරන තැනින් දෙන්නම නැවතුනත් අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්නා.  දෙන්නගෙම ජීවිතේ ගෙවුනේ Whatsapp  එකේමයි. උදේ ඉදන් රෑ වෙනකන්ම කෝල් කලා මැසේජ් කලා .. ඒත් ලග නැති පාලුව තදින්ම දැනුනා. දවස් ගොඩක් ගෙවුනා. හිතන් හිටියේ පරන ඔෆිස් එක ආයෙත් පටන් ගත්තම අපි දෙන්නට සතුටින් ආයෙත් ඉස්සර වගේම ඉන්න පුලුවන් වෙයි කියලා . ඒත් අලුතෙන් ඔෆිස් එකක් දැම්මේ නෑ. බලාපොරොත්තු  උනු දේ නැති උනත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා කියලා හිත හදා ගත්තා. කල් යද්දි මගේ උපන් දිනේ දවස ආවා. එදා මගේ අම්මියා කලින් නිදාගත්තා . මට ගොඩක් දුක හිතුනා මගේ උපන්දිනේ අමතක වෙලාද කියලා. ඒත් හරියටම 12ට කෝල් එකක් අරන් විශ් කලා ඒ වෙලේ කියා ගන්න බැරි තරම් සතුටුයි. එයා මට කතන්දර කිව්වා. එදා ආසාවෙන් උන්නේ එයා එක්ක ඒ දවසේ ඉන්න. ඒත් බැරි උනා. ඔහොමම දවස් ගියා. එයයි මායි රන්ඩු උනා යාලු උනා ගොඩාක් ආදරෙන් උන්නා එයයි මමයි.  අපි දෙන්නගේ ආදරේට දවස් 200ක් උනා . එදා දෙන්නටම ගොඩාක් සතුටුයි.
Share:

වටිනාම දේ වූ ඔයා 💗

මට ලැබුනු හැමදෙට වැඩියෙන් සදා
වටිනාම දේ වු ඔයා...
පෙර පිනට මුණගැහුන බව තේරුනා

දුටු මුල් දිනෙදී පවා...

ඉක්මන් වෙලා...
අනන්තෙන් එහා.
පියාබන්නේ නැ මා වසන්තය දමා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...

කලුවර මාගේ දිවිය එලි කල නිසා.
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.

කෙතරම් බදා ...ආවත් සොයා...
හැරයන්න හැකි වුයේ මෙදා...
පණටත් වඩා.කාටත් අත නොපා.
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...
කලුවර මාගේ දිවිය එලි කල නිසා.

දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.  
Share:

එයා


එයා ගොඩක් හොඳයි. ලස්සනයි. අනිත් අය ගැන ගොඩක් හිතන කෙනෙක්. එයාට ආදරේ කරන්න ගත්ත දා ඉඳන් ඔහේ තේරුමක් නැතුව තිබ්බ මගේ ජීවිතේ ගොඩක් ලස්සන උනා. එයා මට එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කලා. එයා ගැන හිතන වෙලේට හිතට ගොඩක් සැනසීමයි. ලඟ ඉදන් ඔලුව අත ගාද්දි දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. මොන ප්‍රශ්නයක් ආවත් එයාට තුරුල් උනාම ඒ ප්‍රශ්නේ නැති වෙලා යනවා. ඒක අමුතු ලේසියෙන් ඇති නොවෙන බැඳීමක්. එයා කාටත් බය නෑ කියන්න තියන දේ මූනටම කියනවා. එහෙමයි කියලා කාගෙවත් හිත රිද්දන්නේ නෑ. මාරම හොඳයි. වෙලාවකට චුට්ටක් කේන්ති යනවා. ඒ ටික වෙලාවකට විතරයි. අනිත් කෙල්ලෝ වගේ අලේ  තුදූ අනී ගගා එයා නම්  කියන්නේ නෑ. එහෙම බොරුවට හුරතල් වෙන්නේ නෑ..
Share:

මම


මම ගැන මට කියන්න තේරෙන්නෙත් නෑ.
ගොඩක් අමුතු කෙනෙක් කාටවත් හරියට තේරුම් ගන්න බෑ. මම කලින් කාටවත් ආදරේ කරපු කෙනෙක් නෙමෙයි. හිතින් ආදරේ කරලා තියනවා. හිතින් විතරයි. මම ගොඩක් ඇබ්බැහි වෙලා උන්නු කෙනෙක්. අරක්කු සිගරට් අනංමනං වලට නෙමේ. ෆේස්බුක් , රෙස්ලින් , clash of clans තමයි මගේ ජීවිතේම වෙලා තිබ්බේ. ඔහේ ජීවත් උනා . ඒ දේවල් එක්ක.  එයාව හම්බුනාට පස්සේ ඒ දේවල් වලින් ටික ටික ඈත් උනා.. ඈත් වෙලාම ගියා.. මොකද එයාගේ ආදරේ මාරම විදියට දැනුනා. එයා මගේ අම්මටත් වඩා මාව තේරුම් ගත්තා.  එයාගේ ආදරේ වචන වලින් කියන්න බෑ . ඒ වගේ ආදරයක් ආයේ වෙන කාටවත් ලැබෙන්නේ නෑ. මේ වගේ එයා ගැන blog එකක් ලියන්න ගොඩක් දවසකට කලින් ඉදන්ම හිතුනා ඒත් pc එක කැඩිලා නිසා බැරි උනා. දැන් ෆෝන් එකෙන් ලියනවා හිතට එන හැම දෙයක්ම. මගේ ජීවිතේම එයා ගාව 👫
Share:

එයයි මගේ ජීවිතේම


යාලු උන දා ඉඳන් ගොඩක් ආදරෙන් අපි දෙන්නා උන්නා. ඒත් ගොඩක් අය අපි දෙන්නා ආදරේ කරනවට කැමති උනේ නෑ. පොඩි පොඩි ප්‍රශ්න ආවත් එයයි මායි ගොඩාක් ආදරෙන් උන්නා.
ඒ ආදරේ ගැන කියනවනම් ඒක hi kawada biwwada bye ගානවා වගේ ෆේස්බුක් ආදරයක් නෙමෙයි. ගොඩාක් ආදරේ කලා දෙන්නට දෙන්නා. 
කාලයක් යද්දි එයාගේ Bday එක දවස ලං උනා.එදා රෑ 12ට එයාට කෝල් කරලා විශ් කලා. එයා මගෙන් ඉල්ලුවේ "මේ හිටියා වගේම හැමදාටම මාත් එක්ක ඉන්න" කියලා විතරයි. එයාට මුකුත් අරන් දෙන්න මගේ ලග සල්ලි තිබ්බේ නෑ. අම්මා router  එකට බඳින්න දුන්නු සල්ලි වලින් එයාට gift එකක් ගත්තා. Ring එකක් වෙනම අරන් එයාට විශ් කරලා ඒක එයාගේ ඇගිල්ලට දැම්මේ හැමදාම එයාව මගේ කරගන්න. ඒ වෙලේ කියා ගන්න බැරි තරම් සතුටුයි. මගේ ජීවිතේ එයා ගාව එයාගේ ජීවිතේ මම ගාව වගේ හැඟීමක් හිතට දැනුනා. 
දවස් ගෙවුනා අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්නා . ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා වැඩ කරපු ඔෆිස් එක වහන්න උනා. එදා දරාගන්න බැරි තරම් දුකයි. මාස ගානක් එකටම ඉඳලා එකපාර බලන්නවත් නෑ කියලා හිතනකොට දරා ගන්න බෑනේ. එදා බ්‍රහස්පතින්දා  දවසක් 2016-04-21. එදා එයා එක්ක රෑ 9.30  විතර වෙනකන් බස් හෝල්ට් එකට වෙලා උන්නා.  එදා ඔෆිස් එක ආයේ පටන් ගනී කියලා හිතන් ගොඩක් දුකින් ගෙදර ගියා.  හිතට ගොඩාක් දුකයි.
Share:

එයාව මට ලැබුනු හැටි

මායි එයයි වැඩ කලේ එකම ඔෆිස් එකේ. එයාව එකටම දැක්කේ 2015-08-30. එදා තමා මම Interview  ගියේ. එදා එයා එක්ක කතා කලා. පස්සේ එතන වැඩට ගියාම දවස් ගෙවෙද්දි එයයි මායි ගොඩක් හොඳ යාලුවෝ උනා. පස්සේ 2015 ඉවර උනා .. 2016 ජනවාරි  මුල පොඩි ප්‍රශ්නයක් නිසා එයයි මායි තරහ උනා. ඔහොම  කාලයක් යද්දි පෙබරවාරි වල වැඩ කරන ඔෆිස් එකේ පොඩි function  එකක් organize කරලා තිබ්බා. එදා හැමෝම ඒකට ආවා. මාත් ගියා එයත් ආවා. එදා හවස එයා එක්ක කතාකලා. හිතට ගොඩක් සතුටුයි. එයාටත් එහෙම වෙන්න ඇති. කොහොම හරි එදා ඒ function එක ඉවර උනා.  පහු වෙනිදා පාන්දරත් අපි එතන . එදා valentines  day එක. එයා මං ලඟම ඉදන් උන්නා. අනිත් අය එහා පැත්තේ. එදා මම එයාට තුරුල් වෙලා නිදා ගත්තා. හිතට කියා ගන්න බැරි තරම් සතුටුයි. එහෙම ටිකක් වෙලා ඉද්දි  අපි දෙන්නා kiss කලා. ආයෙත් තුරුල් වෙලා උන්නා ඔහොම ඉද්දි දන්නෙම නැතුව එලි උනා පල්ලියේ සීනුව ගහන සද්දේ ආවා. එදා ඉරිදා දවසක්.කට්ටියම ගෙවල් වලට ගියා.ඒ දවසට ගොඩක් ආදරෙයි 💕
Share: