Wednesday, October 5, 2016

එයයි මගේ ජීවිතේම


යාලු උන දා ඉඳන් ගොඩක් ආදරෙන් අපි දෙන්නා උන්නා. ඒත් ගොඩක් අය අපි දෙන්නා ආදරේ කරනවට කැමති උනේ නෑ. පොඩි පොඩි ප්‍රශ්න ආවත් එයයි මායි ගොඩාක් ආදරෙන් උන්නා.
ඒ ආදරේ ගැන කියනවනම් ඒක hi kawada biwwada bye ගානවා වගේ ෆේස්බුක් ආදරයක් නෙමෙයි. ගොඩාක් ආදරේ කලා දෙන්නට දෙන්නා. 
කාලයක් යද්දි එයාගේ Bday එක දවස ලං උනා.එදා රෑ 12ට එයාට කෝල් කරලා විශ් කලා. එයා මගෙන් ඉල්ලුවේ "මේ හිටියා වගේම හැමදාටම මාත් එක්ක ඉන්න" කියලා විතරයි. එයාට මුකුත් අරන් දෙන්න මගේ ලග සල්ලි තිබ්බේ නෑ. අම්මා router  එකට බඳින්න දුන්නු සල්ලි වලින් එයාට gift එකක් ගත්තා. Ring එකක් වෙනම අරන් එයාට විශ් කරලා ඒක එයාගේ ඇගිල්ලට දැම්මේ හැමදාම එයාව මගේ කරගන්න. ඒ වෙලේ කියා ගන්න බැරි තරම් සතුටුයි. මගේ ජීවිතේ එයා ගාව එයාගේ ජීවිතේ මම ගාව වගේ හැඟීමක් හිතට දැනුනා. 
දවස් ගෙවුනා අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්නා . ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා වැඩ කරපු ඔෆිස් එක වහන්න උනා. එදා දරාගන්න බැරි තරම් දුකයි. මාස ගානක් එකටම ඉඳලා එකපාර බලන්නවත් නෑ කියලා හිතනකොට දරා ගන්න බෑනේ. එදා බ්‍රහස්පතින්දා  දවසක් 2016-04-21. එදා එයා එක්ක රෑ 9.30  විතර වෙනකන් බස් හෝල්ට් එකට වෙලා උන්නා.  එදා ඔෆිස් එක ආයේ පටන් ගනී කියලා හිතන් ගොඩක් දුකින් ගෙදර ගියා.  හිතට ගොඩාක් දුකයි.
Share:

0 comments:

Post a Comment