එයා එක්ක ඉන්නකොට 👫
ඊයේ උදේ ඉදන් හවස් වෙනකන්ම එයා එක්කමයි උන්නේ. අම්මියා එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඊයේ බස් එකේ එද්දිත් එයාට තුරුල් වෙලා ඔහොමම එයාවත් තුරුල් කරගත්තා. හිතට ගොඩක් සැනසීමයි එතකොට. ගෙදර එන්න යද්දී චුට්ටක් දුක හිතුනා ඒත් ආයේ අදත් එයා එක්ක colombo යන්න තියනවනේ කියලා හිත හදාගත්තා. ඊයේ ගෙදර ගිය වෙලේ ඉදන් අද උදේ වෙනකන්ම ගොඩක් ආසාවෙන් උන්නේ එයත් එක්ක කොලඹ යන්න. ඒත් එයා තාත්තා එක්ක යනවා කිව්වා. ගොඩක් බලාපොරොත්තු තියන් ආසාවෙන් බලන් හිටපු දෙයක් නැති වෙලා යනවා කියලා තේරෙනකොට ගොඩාක් දුකයි. ඊයේ තිබ්බ සතුට හිත අහලකවත් නෑ. මට අම්මියව ඕනේ. එයා ලගට වෙලා ඉන්න ඕනේ. සල්ලි නැති උනාම මිනිස්සු ගොඩක් අසරන වෙනවා.
0 comments:
Post a Comment