එයාව මට ලැබුනු හැටි
මායි එයයි වැඩ කලේ එකම ඔෆිස් එකේ. එයාව එකටම දැක්කේ 2015-08-30. එදා තමා මම Interview ගියේ. එදා එයා එක්ක කතා කලා. පස්සේ එතන වැඩට ගියාම දවස් ගෙවෙද්දි එයයි මායි ගොඩක් හොඳ යාලුවෝ උනා. පස්සේ 2015 ඉවර උනා .. 2016 ජනවාරි මුල පොඩි ප්‍රශ්නයක් නිසා එයයි මායි තරහ උනා. ඔහොම කාලයක් යද්දි පෙබරවාරි වල වැඩ කරන ඔෆිස් එකේ පොඩි function එකක් organize කරලා තිබ්බා. එදා හැමෝම ඒකට ආවා. මාත් ගියා එයත් ආවා. එදා හවස එයා එක්ක කතාකලා. හිතට ගොඩක් සතුටුයි. එයාටත් එහෙම වෙන්න ඇති. කොහොම හරි එදා ඒ function එක ඉවර උනා. පහු වෙනිදා පාන්දරත් අපි එතන . එදා valentines day එක. එයා මං ලඟම ඉදන් උන්නා. අනිත් අය එහා පැත්තේ. එදා මම එයාට තුරුල් වෙලා නිදා ගත්තා. හිතට කියා ගන්න බැරි තරම් සතුටුයි. එහෙම ටිකක් වෙලා ඉද්දි අපි දෙන්නා kiss කලා. ආයෙත් තුරුල් වෙලා උන්නා ඔහොම ඉද්දි දන්නෙම නැතුව එලි උනා පල්ලියේ සීනුව ගහන සද්දේ ආවා. එදා ඉරිදා දවසක්.කට්ටියම ගෙවල් වලට ගියා.ඒ දවසට ගොඩක් ආදරෙයි 💕
0 comments:
Post a Comment