Sunday, October 16, 2016

හිතෙන දේවල්

ගැහැනු ලමයෙක්ව 100%ක්ම තේරුම් ගන්න එක නම් පිරිමි ළමයෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. එයලා හිතන පතන විදිහ ආස දේවල් අපි හිතනවට වඩා සංකීර්ණ  වෙන්න පුලුවන්.ගැහැනු ලමයෙක්  එයලගේ පිරිමි ලමයගෙන් බලාපොරොත්තු  වෙන දේවල් එයාට ලැබෙන් නැතුව ගියාම හිතෙන් දුක් වෙනවා වෙන්න පුලුවන්. පංගුවක් වෙලාවට එයා බලාපොරොත්තු  වෙන ආදරය රැකවරණය  එයාට ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. තව එයා ආස කරන දේවල් පිරිමි ලමයගෙන් එයාට නොලැබෙනවා වෙන්න පුලුවන්. ඒ කිසි දෙයක් නොලැබුනත් පිරිමි ලමයට ගොඩක් ආදරේ නිසා එයා පිරිමි ලමයව අතාරින් නැතුව එයා එක්කම ඉන්නවා වෙන්න පුලුවන්.
මගේ අම්මියටත්  මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා කියලා මට හිතෙනවා. යාලු වෙලා දැන් මාස 8ක් වෙලත් එයාට මම මුකුත්ම දීලා නෑ. එයා කිව්වේ නැති උනාට හිතේ චූටිම හරි දුකක් ඇති. සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලව හම්බෙන්න යන හැම පාරකම මොනවම හරි දෙනවනේ. එයා ආස කරන දේවල් ගොඩක් තියනවා ඒත් ඒව මුකුත් කරන්න මගේ ලග සල්ලි නෑනේ. මම ජොබ් එකක්වත් කරන් නෑනේ . එයා ගොඩක් පවු මට ගොඩක් ආදරෙයි. ඒක නිසා වෙන්න ඇති මගේ හිත රිදෙන්නවත් මුකුත් කියන්නේ නැත්තේ.  
Share:

0 comments:

Post a Comment