එයා
එයා ගොඩක් හොඳයි. ලස්සනයි. අනිත් අය ගැන ගොඩක් හිතන කෙනෙක්. එයාට ආදරේ කරන්න ගත්ත දා ඉඳන් ඔහේ තේරුමක් නැතුව තිබ්බ මගේ ජීවිතේ ගොඩක් ලස්සන උනා. එයා මට එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කලා. එයා ගැන හිතන වෙලේට හිතට ගොඩක් සැනසීමයි. ලඟ ඉදන් ඔලුව අත ගාද්දි දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. මොන ප්‍රශ්නයක් ආවත් එයාට තුරුල් උනාම ඒ ප්‍රශ්නේ නැති වෙලා යනවා. ඒක අමුතු ලේසියෙන් ඇති නොවෙන බැඳීමක්. එයා කාටත් බය නෑ කියන්න තියන දේ මූනටම කියනවා. එහෙමයි කියලා කාගෙවත් හිත රිද්දන්නේ නෑ. මාරම හොඳයි. වෙලාවකට චුට්ටක් කේන්ති යනවා. ඒ ටික වෙලාවකට විතරයි. අනිත් කෙල්ලෝ වගේ අලේ තුදූ අනී ගගා එයා නම් කියන්නේ නෑ. එහෙම බොරුවට හුරතල් වෙන්නේ නෑ..
0 comments:
Post a Comment