අපි දෙන්නා යාලු උනේ පෙබරවාරි 14. වැලන්ටයින්ස් ඩේ එක දවසෙමයි. අදට අපි දෙන්නා යාලු වෙලා දවස් #300ක්. උදේ එයාට විශ් කලා. Video එකකුත් හදලා යැව්වා හරියටම පාන්දර 12ට. ඒත් ඒක එයාට එච්චර ගානක් නෑ වගේ. මගේ හිතට ගොඩක් දුකයි. මම එයාට කොච්චර ලං වෙන්න හැදුවත් එයා මගෙන් ඈත් වෙන්න හදනවදෝ කියලා හිතෙනවා වෙලාවකට. මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි. මට හැමදාටම එයාව මගේ කර ගන්න ඕනේ..
Friday, December 9, 2016
Wednesday, November 16, 2016
මගේ අම්මියට මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා ඇති එයා ඒවා හිතේ හිර කරන් ඉන්නවා. එයාව වෙනකාටවත් දෙන්නේ නෑ. ඒත් එයා ආස කරන ගොඩක් දේවල් මේ ආදරේ වෙනුවෙන් කැප කරලා ඉන්නේ. වෙලාවකට චුට්ටක් කේන්ති ගත්තට මාරම හොදයි එයා. ඒ වගේ කෙනෙක්ව වෙන කාටත් ලැබෙන්නේ නෑ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. එයාව හැමදාටම මගේ කර ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. මගේ අම්මියට මම ගොඩක් ආදරෙයි. කවදා හරි මට සල්ලි තියන දවකට මම එයාව හොඳට බලාගන්නවා. ඒ දවස ඉක්මනටම එයි.
ඔයා නැතුව ගොඩක් පාලුයි මගේ අම්මියෝ
මගේ රත්තරන් අම්මියට ගොඩක් ප්‍රශ්න එයා ගොඩක් පව්. අද ඉදන් අපිට වට්සැප් එකෙන් මැසේජ් කරන්න වෙන්නෙත් නෑ එයාගේ පෝන් එක කැඩිලා දැන් පොඩි පෝන් එකක් තියෙන්නේ. වෙනදට අපි නිදියන්න්නේ Line එකේ ඉඳන්මයි. ඒත් අද ඉදන් එහෙම නිදයන්න වෙන්නේ නෑ. පාලුයි ගොඩක්. එයා එක්ක ඉද්දි ගොඩක් සැනසීමයි. මට හැමතිස්සෙම ඕනේ එයාව සතුටින් තියන්න. අම්මියා හිනා වෙලා ඉන්නවට ගොඩක් ආසයි. ඒත් එයා අවුලෙන් ඉන්නේ පව්. හැමතිස්සෙම ජේසුට කියන්නේ එයාගේ හැම වැඩක්ම හරියට කර ගන්න ලැබෙන්න කියලයි.
Monday, November 7, 2016
දැන් දවස් දෙකක් තිස්සේ එයා msg එකක්වත් එවන්නේ නෑ. මට ගොඩක් පාලුයි කාමරේ අස්සට වෙලා එයා ගැන හිත හිත ඉන්නව මිසක් කරන්න කිසිදෙයක් නෑ. රෑට නිදා ගත්තම ගැස්සි ගැස්සි ඇහැරෙනවා නින්දෙනුත් මතක් වෙන්නේ අම්මියව. එයාට මාව චුට්ටක්වත් දැන් මතක් වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. එහෙම හිතන්නවත් ආස නෑ හිතට ගොඩක් දුකයි එතකොට. එයා ගොඩක් හොඳයි. ඒත් ඇයි එකපාරටම මෙහෙම උනේ කියලා හිතා ගන්න බෑ. එයාට තියන ප්‍රශ්න නිසාද නැත්තම් මාව එපා වෙලාම ගිහින්ද කියලා තේරෙන්නේ නෑ. මොන දේ උනත් මම එයාට ගොඩක් ආදරෙයි මගේ ආදරේ බොරුවක් නෙමෙයි. එයාට කවදා හරි ඒක තේරෙයි.
එයා දවසක් මගේ ඔලුවේ අත තියලා දිවුරුවා මාව කවදාවත් අතාරින්නේවත් දාලා යන්නේවත් නෑ කියලා.එයා ඒ දිවුරුවේ බොරුවට නෙමෙයි . එයාට මම ගොඩක් ආදරෙයි. මගේ අතින් එයාට පොඩි පොඩි වැරදි උනා. පොඩි උනත් ලොකු උනත් වැරද්ද වැරද්දමයි කියලා එයාමයි මට කිව්වේ. එයා අයියගේ නමින් දිවුරුව එකත් පැත්තකින් දාලා මට ආදරේ කලා. එදා ඉඳන් මමත් එයාට වෙනදට වඩා ගොඩාක් ආදරේ කලා. පොඩි දෙයක්වත් හැංගුවේ නෑ. මාරම විදියට ආදරේ කලා. ඒත් අද කිසිම හේතුවක් පටන් ගැන්මක් නැතුව එයා මගෙන් ඈත් වෙන්න යනවා. මේ ආදරේ ගැන දන්නවනම් හරියට එයා එහෙම කියන්නේ නෑ. මට එයාව මතක් වෙන තරම් එයා දන්නේ නැතුව ඇති. හැමදේම අතෑරලා එයා වෙනුවෙන් පැය 24ම වෙන්කෙරුවා. හැමතිස්සෙම එයා එක්ක ඉන්නයි ඕනේ උනේ. ඒත් කොහෙන්දෝ මන්දා ආව දෙයක් තේරුන් ගන්න බැරි හේතුවක් නිසා අද එයා මගෙන් ඈත්වෙන්න යනවා. මට එයා විතරයි හැමදේටම ඉන්නේ. මගේ මුලු ලෝකෙම එයා. හිතෙනවා මම මේ ලියන ඒවා එයා දැක්කනම් කියලා. කවද හරි කොහොම හරි දකී එයා. ඒත් එදාට මම ඉඳියිද දන්නේ නෑ. ඉක්මන් වෙලා තීරන ගන්න හොද නෑ තමයි. ඒත් හිතට දරාගන්න බෑ කවුරුත් තේරුම් ගන්නේ නෑ. එයා හැමදාම තරහ උනු වෙලේට කියන්නේ ඔයා කියන කරන දේවල් මට පෙන්නේ නෑනේ කියලයි. ඒත් එයාට ඒ දේවල් පෙනුනනම් කවදාවත් මා එක්ක තරහ වෙන්නේ නෑ. එයා දන්නේ නැතුව ඇති පාලුයි අම්මියෝ ගගා මම අඩපු තරම්. මොනදේ උනත් එයා මට මොන දේවල් කිව්වත් මම මගේ අම්මියට ගොඩක් ආදරෙයි.
Sunday, November 6, 2016
එයා නැතුව මට ගොඩක් පාලුයි. කොච්චර msg කලත් reply එකක්වත් එන්නේ නෑ. මට අම්මියව ඕනේ. එයාගේ ආදරේ ඕනේ. පාන්දරට නිකන්ම ඇහැරෙනවා අම්මියව මතක් වෙලා. එයාට දැන් මාව ගානක් නැහැ වගේ. කියාගන්න බැරි තරම් පාලුයි. එයා ගාවට වෙලා තුරුල් වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා. මට මගේ අම්මියව ඕනේ. එයගෙන් සමාව ගන්නවත් මම කරපු වැරැද්ද මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. කවදාවත් මට msg නොකර ඉඳලා නෑ. ඒත් ඊයේ මුලු දවසටම එක msg එකක්වත් එව්වේ නෑ. එයාට දැන් මම නැතුව ඉන්න පුලුවන් වගේ. එහෙම හිතෙද්දිත් හිතට ගොඩක් දුකයි.
මට ඔයා නැතුව ගොඩාක් පාලුයි අම්මියෝ
ගෙදර ඉන්න බෑ අම්මියව ගොඩාක් මතක් වෙනවා. ඒක නිසා එයාගේ class එක ගාවට ගියා. එතන ටිකක් වෙලා උන්නම එයා ක්ලාස් ඉවර වෙලා එලියට ආව. මාව දැක්කම ගොඩක් සතුටු හිතෙයි කියලයි හිතුවේ. ඒත් එයාට මාව දැක්කම අවුල් ගියා වගේ. ඒක එයාගේ මූනෙන් තේරුනා. මාව ගනන් ගත්තේ නෑ. එයා බස් එකට නැගලා සීට් එකකින් ඉදගත්තා. වෙනදට මට ඉදගන්න කියලා එයා හිටන් යනවා. එයා ගොඩක් හොදයි. එයාට නොදැනෙන්න එයාව මම තුරුල් කරගත්තා. ඒ වෙලේ මට තේරුනා එයාගේ හිතේ තාම මට ආදරයක් තියනවා කියලා. වෙනදට බස් එකෙන් බහිද්දි එයා මගේ නලල කිස් කරලා යන්නේ .ඒත් අද බැහැලා ගියා හැරිලා බැලුවෙවත් නෑ. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. එයා මගේ අම්මියා. වෙන කාගෙවත් නෙමෙයි. කාටවත් දෙන්නෙත් නෑ එයාව.
මේ දවස් වල එයාට ගොඩක් ප්‍රශ්න ඒක නිසාද දන්නේ නැහැ ඉක්මනට කේන්ති ගන්නේ. මට ගෙදරින් බැන්නම මොනම දේකට හරි දුක හිතුනම හිත හදාගන්නේ එයා හරි මට ඉන්නවනේ කියලා.ඒත් දැන් එයා මම යවන msg එකකට reply කරන්නෙත් නෑ. මට කියන්න කෙනෙකුත් නෑ. ඉස්සර එයාගේ මුලු ලෝකෙම මම වෙලා උන්නේ ඒත් පස්සේ එයාට වෙන හීනයක් තිබ්බා. ටිකෙන් ටික ඒක ලොකු උනා. දැන් එයා ඒ හීනේ පස්සේ යනවා ඒක වෙන්න ඇති දැන් මාව ඒ හැටි ගානක් නැත්තේ. එයාගේ හීනෙට එයා ගියදෙන්. එයා රට යනවට පොඩ්ඩක්වත් ආස නෑ මම. ඉස්සරත් එපා කිව්වා තාම එහෙමයි. ඒත් පොඩියට තිබ්බ එයාගේ හීනේ දැන් ලොකු වෙලා. එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ කියලා තේරුනා එහේ යන්න. ඒත් එයා ගියාම මට ගොඩක් පාලුයි. යන්න එපා අම්මියෝ කියලා මම එයාට කොච්චර උනත් ඉස්සර කියලා ඇති. ඒත් දැන් එයා ගොඩක් හිතන්නේ එයගේ හිනේ ගැන විතරයි. මට ඒක නැති කරන්න ඕන නෑ. එයා දුකින් ඉන්නවට ආස නෑ එතකොට මගේ හිතටත් ගොඩක් අවුල්. එයා සතුටින් ඉද්දි මටත් ගොඩක් සතුටුයි. මගේ මුලු ලෝකෙම මගේ අම්මියා තමයි. මම ආදරෙයි එයාට ගොඩක්.
එයා දැන් ක්ලාස් ගිහින් ඇති.මම කොච්චර මැසේජ් කලත් reply කරන්නේ නෑ. ගොඩක් මතක් වෙනවා එයාව. මගේ මුලු ලෝකෙම එයා. ඒත් එයාට දැන් මාව කරදරයක් වෙලාද දන්නේ නෑ. මම එයාට හැමදේම කිව්වා එයා තේරුම් ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ ඒක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. මට එයාව ගොඩක් මතක් වෙනවා. මම බොරුවට ආදරේ කලේ නෑ එයාට.අම්මියෝ කියලා කියන්නේ ගොඩක් ආදරෙන් මිසක් බොරුවට නෙමෙයි. හිතට ගොඩක් පාලුයි එයාව ඕනේ. මට ගොඩක් වටිනවා එයාව. බොරුවක් කලානම් ඒක පිලිගන්න බැරිකමක් නෑ. ඒත් දැන් එයා මොන දේකට තරහා වෙලාද කියලා තේරෙන්නේ නෑ. මට අම්මියා නැතුව ගොඩක් පාලුයි. වෙනදට කෝල් කරනවා එයා එක්ක අද එහෙම නෑ පාලුයි ගොඩක්. මට එයාව තුරුල් කර ගන්න තිබ්බනම් කියලා හිතෙනවා. හැමදාම ආසකලේ එයා එක්ක හොදින් ඉන්න මිසක් එයාව තරහා කර ගන්න නෙමෙයි. ගොඩක් ආදරෙන් ජීවත් වෙන්න ආසයි එයත් එක්ක. මගේ ජීවිතේම එයා.
අද උදේ ඉදන් එයා මැසේජ් කලේ නෑ කෝල් ගත්තට Answer කරන්නෙත් නෑ පාලුයි ගොඩක්. මම එයාට කොච්චර ආදරේද කියලා එයා තාම දන්නේ නැතුව ඇති. ගොඩක් මතක් වෙනවා එයාව. වැරද්දක් නොකර එයා මෙහෙම කරද්දි හිතට ගොඩක් දුකයි. මට දැන් එයා විතරයි ඉන්නේ. එයත් එහෙම කරද්දි මට කවුරුත් නෑ හිතට ලොකු අසරණකමක් දැනෙනවා. මට එයා නැතුව ඉන්න බෑ ඒත් එයාව තරහා අවුස්සන්න ඕනෙත් නෑ. මම එයාට බොරු කලේ නෑ ඒක මගේ හිත දන්නවා. හැමදේම කරන්නේ එයාට කියලා එයාගෙන් අහලා. ඒත් එයා හිතන්නේ මම එයාට බොරු කියනවා කියලා.මම කොහොමද එයා හිතන දේ වෙනස් කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. කියන්න කෙනෙක් නැති හින්දා මේකේ ලියන්නේ. අනේ මට මගේ අම්මියව ඕනේ මට ගොඩක් පාලුයි. කවදාවත් මම මේ ලියන ඒවා එයා දකින එකක් නෑ. දැක්කත් එයාට ගානක් තියන එකක් නෑ මොකද මේ හැඟීම එතකොට නෑනේ. මම මොනා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. ජේසු ඉන්නවා මා එක්ක එයා හැමදෙයක්ම දන්නවා.
Saturday, November 5, 2016
ජීවිතේ දවසින් දවස අපිට ගොඩක් පාඩම් කියලා දෙනවා. අදත් එහෙමයි. බොරුවක් කරන් නැතුව එයාගෙන් බැනුම් අහද්දි හිතට ගොඩක් දුකයි කියපු වචන ආපහු ගන්න බෑ කියලා එයාට අමතක වෙන්න ඇති. හැමවෙලේම එයා ගැනමයි හිතන් ඉන්නේ මගේ මුලු ලෝකෙම එයා. ඒත් එයාට මාව බොරු කාරයෙක් වෙලා. කියාගන්න කෙනෙක් නෑ හිතට දරා ගන්න අමාරුයි. එයා මැසේජ් එකක් එවලා මේ හැමදේම ඉවරයි එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. මට එයා නැතුව ඉන්න බෑ ඒත් මැසේජ් එකක් යැව්වම එයාගෙන් එන reply එකෙන් තවත් හිත පෑරෙනවා. සමහර විට මම කියන දේවල් එයා තේරුම් ගත්තේ වැරදියට වෙන්න ඇති මම එයාට බොරුවක් කලේ නෑ. හිතට ගොඩක් දුකයි. එයා පව් ප්‍රශ්න ගොඩක් ඉන්න නිසා ඔලුව අවුල් වෙලා ඇති. ඒත් එයා කියන වචන වලට හිත ගොඩක් රිදෙනවා.මොන දේ උනත් මගේ අම්මියට මම ගොඩක් ආදරෙයි.
Thursday, November 3, 2016
එයා එක්ක ඉන්න ආසයි හැමවෙලේම
ඊයෙත් එයා එක්ක කොලඹ ගියා. එයා ලගටම වෙලා ඉන්නකොට හිතට හෙන සැනසීමයි අනිත් ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙලා යනවා. එයා ලඟින් ඉද්දි වෙලාව හයියෙන් යනවද මන්දා ඉක්මනට හවස් වෙනවා. එයාව දාලා ගෙදර එන්න ගියාම හිතට මාරම දුකයි පාලුයි. ඒත් ගෙදර ඇවිත් මැසේජ් හරි කරනවනේ කියලා හිත හදාගන්නවා.
Wednesday, October 26, 2016
මමත් එයාට ගොඩක් ආදරෙයි
ඊයේ උදේ එයා කිව්ව හවසට වැඩක් දාගන්න එපා එයා එක්ක ගමනක් යන්න එන්න කියලා.මට මොන වැඩ කියලද මට එයාගෙන් තොර ලෝකයක් නෑනේ.මට ඊයේ ටිකක් අසනීපයි හෙම්බිරිස්සා නිසා ඔලුව බරයි වගේ. හවස කොහොමහරි එයා මට එකටම එතෙන්ට යන්න කිව්වා එයා මට පස්සේ එන්නම් කියලා.දන්නේ නෑ ඇයි කියලා එයා ගොඩක් දවස් වලට එහෙමයි මාව එකටම යවලා එයා පස්සේ එනවා. මම ආස එයා එක්ක යන්න මිසක් තනියම යන්න නෙමෙයි. ඊයේ එයා ආව මම එතෙන්ට ගියාට පස්සේ. එයාගේ අතේ documents වගයක් තිබ්බා. මම දැක්කා seal එකක් ගහපු කොලයක් තියනවා. එයා ඒව ටික file එකකට දාන් එන්නම් කියලා ගියා. ආයෙ එද්දි ඒ seal එක තිබ්බ කොලේ තිබ්බේ නෑ. එයා කිව්වා මොනා සීල් එකක්ද අනේ ඔයාට සර්කිට්ද ඔයා පල්ලයි එහෙම එකක් නෑ තාත්තගේ photocopy වගයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ෆයිල් එක අරන් බලන්න ගියා. එයා දුන්නේ නෑ. ආයේ බස් එකේ යද්දි එයාම කිව්වා එතන seal එක ගහපු කොලයක් තිබ්බා කියලා. මට සීල් එකකින් වැඩක් නෑ පංගුවක් වෙලේට එයා මට මොනවදෝ කියාගන්න බැරුව හිතේ හන්ඟගෙන ඉන්නවා කියලා හිතෙනවා. ඊයේ මට ගොඩක් දුක හිතුනා එයා මම පල්ලයි එහෙම දෙයක් නෑ කිව්වා. ඒත් seal එක තිබ්බ කොලයක් තිබ්බනේ. ඊයේ බස් එකේ එද්දි එයා ගොඩක් ඇඩුවා. එයා අඩනවට නම් පොඩ්ඩක්වත් ආස නෑ. එක දෙයක් දන්නවා එයා මට ගොඩක් ආදරෙයි.
Job එකයි එයයි..
කොල්ලෙක් උනාම ජොබ් එකක් කරන්න ඕනා. අනාගතේ හදාගන්න ඕනේ. මොකද සල්ලි තියෙද්දි හිතට බයක් නෑ අපිට එන ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න පුලුවන් වෙනවා එතකොට. අද හදිස්සියෙම colombo යන්න ඕන උනා ඒත් මා ගාව සල්ලි කීයක්වත් නෑ. පෝන් එකේවත් සල්ලි නෑ. මම එයාට කෝල් කරන්නෙත් whatsapp එකෙන්. එයාටම කියලා සල්ලි දාගෙන යාලුවන්ට කතා කරලා සල්ලි ඇහුවා. මම කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලලා නෑ. කතා කරපු හැමෝම කිව්වේ මේ වෙලේ නම් නෑ අරකයි මේකයි. සමහර විට මම ජොබ් එකක් කරන්නේ නැති එක ඒ හැමෝම දන්න නිසා මට සල්ලි දෙන්න බය ඇති ආයෙත් හම්බෙන එකක් නෑ කියලා. අද නම් ගොඩක් දුක හිතුනා.
මගේ අම්මියා අහනවා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ කියලා ඒ හැමවෙලේම මම එයාට කියන්නේ මට එක තැනක ඉදන් වැඩක් කරන්න බෑ කියලයි. ඒත් ඒක නෙමෙයි ඇත්තම හේතුව මට එයා නැතුව ඉන්න බෑ පාලුයි. කෙනෙක්ට ඒක නිකං විහිලුවක් වගේ වෙන්න පුලුවන් ඒත් දන්නේ නෑ මට එයා එක්කමයි ඉන්න ඕනේ ඒ බැඳීම අමුතුයි. එයාට මං ගොඩක් ආදරෙයි.
Tuesday, October 25, 2016
එයා එක්ක ඉන්නකොට 👫
ඊයේ උදේ ඉදන් හවස් වෙනකන්ම එයා එක්කමයි උන්නේ. අම්මියා එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඊයේ බස් එකේ එද්දිත් එයාට තුරුල් වෙලා ඔහොමම එයාවත් තුරුල් කරගත්තා. හිතට ගොඩක් සැනසීමයි එතකොට. ගෙදර එන්න යද්දී චුට්ටක් දුක හිතුනා ඒත් ආයේ අදත් එයා එක්ක colombo යන්න තියනවනේ කියලා හිත හදාගත්තා. ඊයේ ගෙදර ගිය වෙලේ ඉදන් අද උදේ වෙනකන්ම ගොඩක් ආසාවෙන් උන්නේ එයත් එක්ක කොලඹ යන්න. ඒත් එයා තාත්තා එක්ක යනවා කිව්වා. ගොඩක් බලාපොරොත්තු තියන් ආසාවෙන් බලන් හිටපු දෙයක් නැති වෙලා යනවා කියලා තේරෙනකොට ගොඩාක් දුකයි. ඊයේ තිබ්බ සතුට හිත අහලකවත් නෑ. මට අම්මියව ඕනේ. එයා ලගට වෙලා ඉන්න ඕනේ. සල්ලි නැති උනාම මිනිස්සු ගොඩක් අසරන වෙනවා.
Ex Boyfriend
තව කෙනක්ව block කරන එක නම් හෙන ප්‍රාථමික දෙයක්. ඒත් දවසක් මාවත් whatsapp එකෙන් block කරපු එයාට එයාගේ පරන කොල්ලව block කරන්න බැරිලු. එතකොට මූනට දමලා ගහනවා වගේලු. ඒයා එහෙම කිව්වම හිතට ගොඩක් දුක හිතුනා.
Sunday, October 16, 2016
හිතෙන දේවල්
ගැහැනු ලමයෙක්ව 100%ක්ම තේරුම් ගන්න එක නම් පිරිමි ළමයෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. එයලා හිතන පතන විදිහ ආස දේවල් අපි හිතනවට වඩා සංකීර්ණ වෙන්න පුලුවන්.ගැහැනු ලමයෙක් එයලගේ පිරිමි ලමයගෙන් බලාපොරොත්තු වෙන දේවල් එයාට ලැබෙන් නැතුව ගියාම හිතෙන් දුක් වෙනවා වෙන්න පුලුවන්. පංගුවක් වෙලාවට එයා බලාපොරොත්තු වෙන ආදරය රැකවරණය එයාට ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. තව එයා ආස කරන දේවල් පිරිමි ලමයගෙන් එයාට නොලැබෙනවා වෙන්න පුලුවන්. ඒ කිසි දෙයක් නොලැබුනත් පිරිමි ලමයට ගොඩක් ආදරේ නිසා එයා පිරිමි ලමයව අතාරින් නැතුව එයා එක්කම ඉන්නවා වෙන්න පුලුවන්.
මගේ අම්මියටත් මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා කියලා මට හිතෙනවා. යාලු වෙලා දැන් මාස 8ක් වෙලත් එයාට මම මුකුත්ම දීලා නෑ. එයා කිව්වේ නැති උනාට හිතේ චූටිම හරි දුකක් ඇති. සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලව හම්බෙන්න යන හැම පාරකම මොනවම හරි දෙනවනේ. එයා ආස කරන දේවල් ගොඩක් තියනවා ඒත් ඒව මුකුත් කරන්න මගේ ලග සල්ලි නෑනේ. මම ජොබ් එකක්වත් කරන් නෑනේ . එයා ගොඩක් පවු මට ගොඩක් ආදරෙයි. ඒක නිසා වෙන්න ඇති මගේ හිත රිදෙන්නවත් මුකුත් කියන්නේ නැත්තේ.
මගේ අම්මියටත් මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙනවා කියලා මට හිතෙනවා. යාලු වෙලා දැන් මාස 8ක් වෙලත් එයාට මම මුකුත්ම දීලා නෑ. එයා කිව්වේ නැති උනාට හිතේ චූටිම හරි දුකක් ඇති. සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලව හම්බෙන්න යන හැම පාරකම මොනවම හරි දෙනවනේ. එයා ආස කරන දේවල් ගොඩක් තියනවා ඒත් ඒව මුකුත් කරන්න මගේ ලග සල්ලි නෑනේ. මම ජොබ් එකක්වත් කරන් නෑනේ . එයා ගොඩක් පවු මට ගොඩක් ආදරෙයි. ඒක නිසා වෙන්න ඇති මගේ හිත රිදෙන්නවත් මුකුත් කියන්නේ නැත්තේ.
Thursday, October 13, 2016
Wednesday, October 5, 2016
අම්මියා 💕
ඒත් දැන් එයා මං ලඟ නෑ හිතට දරාගන්න බෑ
එයාව ගොඩාක් මතක් වෙනවා රෑට නින්ද යන්නේ නෑ. ඇස් දෙක ඇරන් උන්නත් වහන් උන්නත් මතක් වෙන්නෙම එයාව. ඉස්සර එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියන් නිදා ගන්නවා . එතකොට නිකන්ම නින්ද යනවා එයා ඔලුව අත ගාද්දී. ඉස්සර හැමදාම එයා මට කෑම කවනවා ඒත් දැන් මට කෑම කවන්න එයා නෑනේ. ඉස්සර පැයක් දෙකක් එයා තරහා වෙලා ඉද්දිත් මට දරා ගන්න බෑ . ඉතිං දැන් කොහොමද මම දරාගෙන ඉන්නේ . මට එයාව ඕනේ . ගොඩක් වටිනවා එයාව මට. එයා නැතුව ගොඩාක් පාලුයි. මම ගොඩක් ආදරෙයි එයාට.හැමදාම නැගිටපු ගමන් ෆෝන් එක අන්ලොක් කරලා වෝල්පේපර් එක දිහා බලන් ඉන්නවා. ඒකේ ඉන්නේ එයානේ. එතකොට හිතට ගොඩක් සැනසීමයි. මගේ සැනසීම එයා ගාව.
ලං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද.
මං හඬපු හැමදාම නුබ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම
පපුතුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩනගපු පෙම්හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද
මං හඬපු හැමදාම........
හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම
බොද වෙච්ච පෙම්හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද
මං හඬපු හැමදාම.........
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම
එයයි මමයි
වටිනාම දේ වූ ඔයා 💗
මට ලැබුනු හැමදෙට වැඩියෙන් සදා
වටිනාම දේ වු ඔයා...
පෙර පිනට මුණගැහුන බව තේරුනා
දුටු මුල් දිනෙදී පවා...
ඉක්මන් වෙලා...
අනන්තෙන් එහා.
පියාබන්නේ නැ මා වසන්තය දමා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...
කලුවර මාගේ දිවිය එලි කල නිසා.
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.
කෙතරම් බදා ...ආවත් සොයා...
හැරයන්න හැකි වුයේ මෙදා...
පණටත් වඩා.කාටත් අත නොපා.
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...
කලුවර මාගේ දිවිය එලි කල නිසා.
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.
වටිනාම දේ වු ඔයා...
පෙර පිනට මුණගැහුන බව තේරුනා
දුටු මුල් දිනෙදී පවා...
ඉක්මන් වෙලා...
අනන්තෙන් එහා.
පියාබන්නේ නැ මා වසන්තය දමා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...
කලුවර මාගේ දිවිය එලි කල නිසා.
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.
කෙතරම් බදා ...ආවත් සොයා...
හැරයන්න හැකි වුයේ මෙදා...
පණටත් වඩා.කාටත් අත නොපා.
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා...
ආදරයේ ප්රාතිහාර්යක් වී ඔයා...
කලුවර මාගේ දිවිය එලි කල නිසා.
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා...
දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා.
එයා
එයා ගොඩක් හොඳයි. ලස්සනයි. අනිත් අය ගැන ගොඩක් හිතන කෙනෙක්. එයාට ආදරේ කරන්න ගත්ත දා ඉඳන් ඔහේ තේරුමක් නැතුව තිබ්බ මගේ ජීවිතේ ගොඩක් ලස්සන උනා. එයා මට එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කලා. එයා ගැන හිතන වෙලේට හිතට ගොඩක් සැනසීමයි. ලඟ ඉදන් ඔලුව අත ගාද්දි දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. මොන ප්‍රශ්නයක් ආවත් එයාට තුරුල් උනාම ඒ ප්‍රශ්නේ නැති වෙලා යනවා. ඒක අමුතු ලේසියෙන් ඇති නොවෙන බැඳීමක්. එයා කාටත් බය නෑ කියන්න තියන දේ මූනටම කියනවා. එහෙමයි කියලා කාගෙවත් හිත රිද්දන්නේ නෑ. මාරම හොඳයි. වෙලාවකට චුට්ටක් කේන්ති යනවා. ඒ ටික වෙලාවකට විතරයි. අනිත් කෙල්ලෝ වගේ අලේ තුදූ අනී ගගා එයා නම් කියන්නේ නෑ. එහෙම බොරුවට හුරතල් වෙන්නේ නෑ..
මම
ගොඩක් අමුතු කෙනෙක් කාටවත් හරියට තේරුම් ගන්න බෑ. මම කලින් කාටවත් ආදරේ කරපු කෙනෙක් නෙමෙයි. හිතින් ආදරේ කරලා තියනවා. හිතින් විතරයි. මම ගොඩක් ඇබ්බැහි වෙලා උන්නු කෙනෙක්. අරක්කු සිගරට් අනංමනං වලට නෙමේ. ෆේස්බුක් , රෙස්ලින් , clash of clans තමයි මගේ ජීවිතේම වෙලා තිබ්බේ. ඔහේ ජීවත් උනා . ඒ දේවල් එක්ක. එයාව හම්බුනාට පස්සේ ඒ දේවල් වලින් ටික ටික ඈත් උනා.. ඈත් වෙලාම ගියා.. මොකද එයාගේ ආදරේ මාරම විදියට දැනුනා. එයා මගේ අම්මටත් වඩා මාව තේරුම් ගත්තා. එයාගේ ආදරේ වචන වලින් කියන්න බෑ . ඒ වගේ ආදරයක් ආයේ වෙන කාටවත් ලැබෙන්නේ නෑ. මේ වගේ එයා ගැන blog එකක් ලියන්න ගොඩක් දවසකට කලින් ඉදන්ම හිතුනා ඒත් pc එක කැඩිලා නිසා බැරි උනා. දැන් ෆෝන් එකෙන් ලියනවා හිතට එන හැම දෙයක්ම. මගේ ජීවිතේම එයා ගාව 👫
එයයි මගේ ජීවිතේම
ඒ ආදරේ ගැන කියනවනම් ඒක hi kawada biwwada bye ගානවා වගේ ෆේස්බුක් ආදරයක් නෙමෙයි. ගොඩාක් ආදරේ කලා දෙන්නට දෙන්නා.
කාලයක් යද්දි එයාගේ Bday එක දවස ලං උනා.එදා රෑ 12ට එයාට කෝල් කරලා විශ් කලා. එයා මගෙන් ඉල්ලුවේ "මේ හිටියා වගේම හැමදාටම මාත් එක්ක ඉන්න" කියලා විතරයි. එයාට මුකුත් අරන් දෙන්න මගේ ලග සල්ලි තිබ්බේ නෑ. අම්මා router එකට බඳින්න දුන්නු සල්ලි වලින් එයාට gift එකක් ගත්තා. Ring එකක් වෙනම අරන් එයාට විශ් කරලා ඒක එයාගේ ඇගිල්ලට දැම්මේ හැමදාම එයාව මගේ කරගන්න. ඒ වෙලේ කියා ගන්න බැරි තරම් සතුටුයි. මගේ ජීවිතේ එයා ගාව එයාගේ ජීවිතේ මම ගාව වගේ හැඟීමක් හිතට දැනුනා.
දවස් ගෙවුනා අපි දෙන්නා ගොඩක් ආදරෙන් උන්නා . ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා වැඩ කරපු ඔෆිස් එක වහන්න උනා. එදා දරාගන්න බැරි තරම් දුකයි. මාස ගානක් එකටම ඉඳලා එකපාර බලන්නවත් නෑ කියලා හිතනකොට දරා ගන්න බෑනේ. එදා බ්‍රහස්පතින්දා දවසක් 2016-04-21. එදා එයා එක්ක රෑ 9.30 විතර වෙනකන් බස් හෝල්ට් එකට වෙලා උන්නා. එදා ඔෆිස් එක ආයේ පටන් ගනී කියලා හිතන් ගොඩක් දුකින් ගෙදර ගියා. හිතට ගොඩාක් දුකයි.
එයාව මට ලැබුනු හැටි
මායි එයයි වැඩ කලේ එකම ඔෆිස් එකේ. එයාව එකටම දැක්කේ 2015-08-30. එදා තමා මම Interview ගියේ. එදා එයා එක්ක කතා කලා. පස්සේ එතන වැඩට ගියාම දවස් ගෙවෙද්දි එයයි මායි ගොඩක් හොඳ යාලුවෝ උනා. පස්සේ 2015 ඉවර උනා .. 2016 ජනවාරි මුල පොඩි ප්‍රශ්නයක් නිසා එයයි මායි තරහ උනා. ඔහොම කාලයක් යද්දි පෙබරවාරි වල වැඩ කරන ඔෆිස් එකේ පොඩි function එකක් organize කරලා තිබ්බා. එදා හැමෝම ඒකට ආවා. මාත් ගියා එයත් ආවා. එදා හවස එයා එක්ක කතාකලා. හිතට ගොඩක් සතුටුයි. එයාටත් එහෙම වෙන්න ඇති. කොහොම හරි එදා ඒ function එක ඉවර උනා. පහු වෙනිදා පාන්දරත් අපි එතන . එදා valentines day එක. එයා මං ලඟම ඉදන් උන්නා. අනිත් අය එහා පැත්තේ. එදා මම එයාට තුරුල් වෙලා නිදා ගත්තා. හිතට කියා ගන්න බැරි තරම් සතුටුයි. එහෙම ටිකක් වෙලා ඉද්දි අපි දෙන්නා kiss කලා. ආයෙත් තුරුල් වෙලා උන්නා ඔහොම ඉද්දි දන්නෙම නැතුව එලි උනා පල්ලියේ සීනුව ගහන සද්දේ ආවා. එදා ඉරිදා දවසක්.කට්ටියම ගෙවල් වලට ගියා.ඒ දවසට ගොඩක් ආදරෙයි 💕